×

ලෝක සිතියමේ ඔක්තෝබර් 30

අද වැනි දවසක ලෝක සිතියමේ...


අද, ඔක්තොම්බර් 30 වැනිදා යි

ආජන්ටිනියානු පාපන්දු ක්‍රීඩක දියාගෝ මැරඩෝනා ගේ හැට වැනි උපන්දිනය අද යි. 1997 දී අද වැනි දිනක, එනම් ඔහු ගේ 37 වැනි උපන් දිනය දා පාපන්දු ක්‍රීඩාවෙන් විශ්‍රාම ගැනීම ඔහු නිවේදනය කළේ ය. ලෝකයේ එදා මෙදාතුර බිහිවූ පාපන්දු විශිෂ්ටයෙකු ලෙස සැලකෙන ඔහු, මේ වන විට ආර්ජන්ටිනාවේ පාපන්දු සමාජවල පුහුණුකරුවෙකු ලෙස කටයුතු කරයි.

1485 – ටියුඩර් රාජවංශය ඇරඹෙයි

1485 – හෙන්රි ටියුඩර් අද වැනි දිනක ‘දෙවැනි හෙන්රි‘ යන නමින් රාජ්‍යත්වයට පත් වෙයි. එංගලන්තයේ ටියුඩර් රාජවංශය ස්ථාපනය කරනු ලැබුවේ ඔහු විසිනි. එරට එතෙක් යුධ වදිමින් සිටි යුද්ධ නිමා කළ ඔහු, ඔහු ගේ දරුවන් ගේ විවාහයන්, රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතා ගොඩ නගා ගැනීමට උපයෝගි කර ගත්තේ ය. ඉංග්‍රීසි නීතියට පදනම දැමුවේ මේ රජු විසින් බව කියැවේ.

1905 – රුසියාවේ රදළ පැළැන්තියට තිත

1905 – රුසියාවේ දෙවැනි නිකලස් අධිරාජ්‍යයා ඔක්තෝබර් මැනිෆෙස්ටෝව නිකුත් කරයි. මේ හරහා රුසියාවේ සීමාරහිත රදළ පැළැන්තියට තිත තබා, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූල රාජාණ්ඩුවකට මග සැලැසිණ.

1917 – බැල්ෆෝර් ප්‍රකාශය

1917 – බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව බැල්ෆෝර් ප්‍රකාශයට අනුමැතිය දෙයි. පලස්තීනයේ යුදෙව් රාජ්‍යයක් නිර්මාණය කිරීමට සහය දීම සඳහා මේ ප්‍රකාශය සකසනු ලැබුවේ එවකට අගමැති ආතර් බැල්ෆෝර් විසින් සකසනු ලැබිණ.

1922 – බෙනීටෝ මුසෝලිනීගේ ආණ්ඩුව

November 1922: Italian fascist dictator Benito Mussolini (1883 – 1945). (Photo by Topical Press Agency/Getty Images)

1922 – බෙනිටෝ මුසෝලිනි ඉතාලියේ ආණ්ඩුවක් පිහිටුවයි. රෝමයේ පැවැත්වූ මහා පා ගමනක් තුළින් ඔහු සිය බලය පෙන්වීමට සමත් විය. බෙනීටෝ මුසෝලිනී ඒ දක්වා ඉතාලියේ බලයට පත් වු ළාබාලතම අග්‍රාමාත්‍යවරයා විය. එවකට ඔහුගේ වයස අවුරුදු 39 ක් විය. මුලින් සමාජවාදියෙකු වූ මුසෝලිනී පළමු ලෝක යුද්ධයට සහභාගි වී තුවාළ ලැබීමෙන් පසු ඉතාලි ජාතිකවාදයේ (විප්ලවීය ජාතිකවාදෙය්) නිර්මාතෘවරයෙකු බවට පත් විය.

ෆැසිස්ට් ඒකාධිපතියෙකු ලෙස

දෙවැනි ලෝක යුද්ධ සමයේ, අක්ෂ පක්ශයේ ප්‍රධාන බලවේගයක් වූ ඔහු ඉතාලි ෆැසිස්ට් පක්ෂය පිහිටුවී ය. ජර්මන් ජාතික ඒකාධිපති ඇඩොල්ෆ් හිට්ලර් සමග සමීප සන්ධානයක් පිහිටුවා ගත් ඔහු ගේ අභිප්‍රාය වූයේ තමන් ගේ ම අධිරාජ්‍යයක් පිහිටුවීම යි. අවසානයේ ඔහු නතර වූයේ නාසිවාදයේ නිර්මාතෘ හිට්ලර්ගේ යුරෝපීය සගයා ලෙස ය. ඔහු 1943 වසරේදී එල්ලා මරා දැමුණු විට මිනිසුන් පෝලිමේ පැමිණ ඔහුගේ සහ ඔහුගේ පෙම්වතියගේ මළ සිරුරුවලට කෙළ ගැසූ බව ප්‍රකට ය.

1938 – ඔර්සන් වෙල්ස් නිර්මාණය කරන ලද  H. G. වෙල්ස් ගේ War of the Worlds ගුවන් විදුලි නාට්‍යය ප්‍රචාරය කෙරිණ. එවක එක්සත් ජනපදයේ මෙය විශාල කැළඹීමක් ඇති කරන්නට සමත් වූයේ ඇතැම් ශ්‍රාවකයෙක් සැබැවින් ම අඟහරු සිට ආක්‍රමණයක් සිදු වෙතැයි බිය ට පත් වූ නිසා ය!

 

1944 – ඈන් ෆ්‍රෑන්ක්ගේ අවසන් ගමන

1944 – නාසි ජර්මනියේ යුදෙව් ජාතිකයන්ට සිදුවූ අකටයුතුකම් පිළිබද දිනපොතක් ලියූ ඈන් ෆ්‍රෑන්ක් අවුෂ්විට්ස් වධකදවුරේ සිට බෙල්සෙන් වෙත මාරු කර යවනු ලබයි. දෙවැනි ලෝක යුද්ධය අවසාන වන්නට කෙටි කාලයක් තබා ඇය උණ රෝගයෙන් මිය යන්නී ය.

1956 – හංගේරියානු විප්ලවය

1956 – හංගේරියානු විප්ලවය – මේ එරට පුරා සිදුවූ නැගී සිටීමක් වන අතර ඉන් හංගේරියානු රජය විරුද්ධවත් ඊට සෝවියට් දේශයෙන් පවරන ලද ප්‍රතිපත්තිවලට විරුද්ධවත් ජනතාව නැගී සිටීම සිදුවිය. විප්ලවය පැවතියේ දින 18 කි. නොවැම්බර් 10 වැනිදා වන විට සෝවියට් බලය විසින් හංගේරියානු ජනතා බලය සුණු විසුණු කර දමා තිබිණි.

1973- ආසියාව හා යුරෝපය සම්බන්ධ වන පාලම

1973 – තුර්කියේ බොස්ෆෝරස් පාලම සාදා නිම වේ. ඉස්තාන්බුල්හි පිහිටා ඇති මේ හරහා ආසියාවත් යුරෝපයත් සම්බන්ධ වේ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි