×

වසර 50,000කට පසු දුර්ලභ ආගන්තුකයෙකු පෘථිවියට දිස් වෙයි

මෙම C/2022 E3 (ZTF) වල්ගා තරුව අවසන් වරට පෘථිවිය පසු කළේ, ඉහළ පැලියොලිතික් යුගයේදී බව වාද්‍යාඥයන් විසින් තහවුරු කර තිබේ.


වසර 50,000කට පසු ඉදිරි සති කිහිපය තුළ පෘථිවිය සහ සූර්යයා පසුකර යන C/2022 E3 (ZTF) වල්ගා තරුව පෘථිවියට දිස්වනු ඇති බව පැරිස් නිරීක්ෂණාගාරයේ තාරකා භෞතික විද්‍යාඥ නිකොලස් බයිවර් AFP පුවත් ඒජන්සියට ප්‍රකාශ කර තිබේ.

එළැඹෙන ජනවාරි 21-22 සති අන්තයේ මෙය අහසේ දැකිය හැකිවන අතර පෙබරවාරි 10වන දා පමණ වන විට අඟහරු ග්‍රහයා අසලින් යනු ඇති බවට විශ්වාස කෙරේ.

මෙම වල්ගා තරුව අයිස් සහ දූවිලි වලින් සෑදී ඇති අතර හරිත පැහැයක් නිකුත් කරයි. එහි විෂ්කම්භය කිලෝමීටරයක් ​​පමණ වන බවට ගණන් බලා ඇති අතර, පෘථිවියට වඩාත් දීප්තිමත්ව පෙනෙනු ඇතැයි විශ්වාස කෙරේ.

මෙම C/2022 E3 (ZTF) වල්ගා තරුව අවසන් වරට පෘථිවිය පසු කළේ, ඉහළ පැලියොලිතික් යුගයේදී බව වාද්‍යාඥයන් විසින් තහවුරු කර තිබේ. මෙමඟින් සෞරග්‍රහ මණ්ඩලයේ බොහෝ දුරස්ථ ග්‍රහලෝකවලින් ඔබ්බට සිටින වැසියන් පිළිබඳ තොරතුරු ද අපට ලබා දෙනු ඇති බව නිකොලස් බයිවර් තවදුරටත් මේ සම්බන්ධයෙන් සඳහන් කර තිබේ.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි