×

කොරෝනා නිසා මේ වන විට ඉතාලියේ මිය ගිය වෛද්‍යවරුන් ගණන 100ක්

.


 

පසුගිය පෙරබරවාරියේ මුලින්ම මධ්‍යදරණී රාජ්‍ය්‍යක් වෙත කොරෝනා වෛරසය ව්‍යාප්ත වීමට පටන් ගැනීමෙන් පසු ඉතාලිය තුළ පමණක් වෛද්‍යවරුන් 100ක් මිය ගොස් ඇති බව ඉතාලියේ FNOMCeO සෞඛ්‍ය සංගමය පවසයි.

එම සංගමයේ ප්‍රකාශකයෙකු එඑෆ්පී පුවත් සේවය වෙත ප්‍රකාශ කර තිබුණේ කොවිඩ් 19 හේතුවෙන් මෙි වන විට ඉතාලියේ වෛද්‍යවරුන් 100ක් දෙනා සිය ජීවිත පූජාකර ඇති බවත් ඇතැම් විට ඒය 101 ක් විය හැකි බවත්ය.

කොරෝනා වසංගතය හේතුවෙන් ඉතාලියේ පමණක් 18000කට ආසන්න පිරිසක් ඉතා කෙටි කාලයෙක් තුළ  ජීවිත පූජා කළ අතර වෛරසයට එරෙහාව සටන් කිරීමට පෙරට ආ වෛද්‍යවරුන් අතරේ එතෙක් විශ්‍රාම ගොස් සිටි වෛද්‍යවරුන්ද විය. ඉතාලි රජය රෝග ව්‍යාප්තියට මුහුණ දීම සදහා එරට එතෙක් විශ්‍රාම ගෝස සිටි වෛද්‍යරුන්ද කදවන ලදී.

වෛද්‍යවරුන්ට අමතරව වෛරසයට එරෙහිව  සටන් කිරීමේදී මිය ගිය හෙද හෙදියන් සංඛ්‍යාව 30කට ආසන්න වේ.
“අපගේ වෛද්‍යවරුන්ට, අපගේ සෞඛ්‍ය සේවකයින්ට වෛරසයෙන් කිසිදු ආරක්ෂාවක් නොමැතිව සටන් කිරීමට යැවීමට අපට තවදුරටත් ඉඩ දිය හැකිය” යනුවෙන් FNOMCeO හි සභාපති ෆිලිපෝ ඇනෙලි සංගමයේ වෙබ් අඩවියේ සඳහන් කළේය.

”නමුත් එසේ ආරක්ෂාවක් නොමැතිව වෛරසයට එරෙහිව සටන් කරන්නැයි ඉල්ලීම  සාධාරණ සටනක් නොවේ..” ඒරට වෛද්‍ය වරුන්ගේ අදහස එයයි.

රෝමයේ අයිඑස්එස් මහජන සෞඛ්‍ය ආයතනය ඇස්තමේන්තු කර ඇති පරිදි ඉතාලියේ නව කොරොන වයිරසය ආසාදිත වූවන්ගෙන් සියයට 10 ක් සෞඛ්‍ය සේවයේ නියැලෙති.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි