×

එ.ජා සංවිධානයේ සේවකයන් තිදෙනෙකුගෙන් එක් අයෙක් පසු ගිය දෙවසර තුළ තමන් ලිංගික හිංසනයට ලක් වූ බව කියයි.

සමීක්ෂණය සදහා තොරතුරු සැපයූයන්ගෙන් හරි අඩක්ම පවසන්නේ තමන් ලිංගික හිංසනයට ලක් වී ඇත්තේ සේවය කරමින් සිටින අතරෙදී බවයි.


එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සේවකයන් තිදෙනෙකුගෙන් එක් අයෙක් පසුගිය වසර දෙකක කාලය තුළ තමන් කුමන අයුරකින් හෝ ලිංගික හිංසනයට ලක්ව ඇති බව පවසයි.
එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින්ම සිදු කරන ලද සමීක්ෂණයක ප්‍රතිපලයක් වශයෙන් එළි දක්වා ඇති වාර්ථාවක් මෙම තෙරතුරු සපයා ඇත.

සංවිධානයට අයත් ලෝකය පුරා පිහිටි නියෝජිතායතන වල සේවය කරන සේවකයන් 30,364 දෙනෙකු මෙම සමීක්ෂණය සදහා යෝදා ගෙන ඇත. සමීක්ෂණය සදහා සුදුසුකම් ලැබූ සමස්ත සේවකයන් සංඛ්‍යාවෙන් සියයට 17ක් පමණක් තොරතුරු ලබා දී ඇති අතර මේ සම්බන්ධව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් ඇන්ටෝනියෝ ගුටෙරස් පවසන්නේ ලිංගික හිංසනය පිළබදව විවෘත සංවාදයකට යෑඹට පෙර සේවකයන් පිළබදව තව දුරටත් අවධානය යොමු කළ යුතු බවයි.

ලෝකය පුරා ලිංගික හිංසනයට විරුද්ධව ගෙන යන MeToo ව්‍යාපාරය හා සමගාමීව මෙම සමීක්ෂණය සිදු කර ඇත. සමීක්ෂණ වාර්ථාවට අනුව පුතිචාර දැක්වූවන්ගෙන් 21.7%ක් ලිංගික කථාන්තර හෝ උසුළු විසුළු වලට තමන් ලක්වී ඇතැයි පවසන අතර 14.2% පවසා ඇත්තේ තමන්ගේ පෙනුම, ශරීරය හෝ ලිංගික ක්‍රියාකාරකම් හේතුවෙන් ලිංගික හිංසනයට පක්ව ඇති බවයි. 13% අනාරාධිතව ලිංගික කටයුතු සම්බන්ධ සාකච්ඡා සදහා ඉලක්ක කරගැනීමට උත්සහා කිරීම් නිසා හිංසනයට පත් වී ඇති බව පවසයි.

තවත් අයගේ ලිංගිකත්වය ඉස්මත්වන අයුරේ ශරීර ඉරියවු හේතුවෙන් තමන් අපහසුතාවට පත්ව ඇති බව 10.9 පවසා තිබූ අතර 10.1 තමන්ව අපහසුවට පත්වන අයුරෙන් කිසිවෙක් විසින් ස්පර්ෂ කර ඇතැයි පවසයි.සමීක්ෂණය සදහා තොරතුරු සැපයූයන්ගෙන් හරි අඩක්ම පවසන්නේ තමන්  ලිංගික හිංසනයට ලක් වීඇත්තේ කාර්යාලය තුළදී බවයි. මේ පිළිබදව තව දුරටත් සිය අදහස් දැක්වූ මහලේකම් වරයා පවසන්නේ මෙම තොරතුරු මගින් හෙලිවන්නේ ලිංගික හංසනයෙන් තොර රැකියා පරිසරයක් බිහි කිරීමේ අවශ්‍යතාවය බවයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි