සටහන: සශිකලා මධුෂාණි, ජුනි 04,
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ආසන 80ක් සහිත රටේ වඩාත්ම ජනාකීර්ණ සහ දේශපාලනික වශයෙන් වැදගත් ප්‍රාන්තය වන උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තය නරේන්ද්‍ර මොදිගේ භාරතීය ජනතා පක්ෂය පරාජයට පත්ව ඇති බව වාර්තා වේ.
ඒ අනුව, ආසන 30කට වඩා වැඩි ප්‍රමයක් දිනා ගනිමින් උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තය ජයග්‍රහණය කර ඇත්තේ ඉන්දීය සන්ධානයයි. මෙය සැලකිය යුතු පසුබෑමක් වශයෙන් දේශපාලනික විචාරකයන් පෙන්වා දේ.
මේ වන විට ගණනය කර ඇති ජන්ද වලට අනුව පෙනී යන්නේ මොදිගේ භාරතීය ජනතා පක්ෂය (BJP) සහ එහි දේශපාලන සහචරයින් ආසන 290ක් දිනාගැනීමට සමත් විය හැකි නමුත් බොහෝ දෙනා ආන්ඩුවක් පිහිටුවීමට සමත්ව ඇති නමුත් බොහෝ දෙනා පුරෝකථනය කළ අතිවිශිෂ්ට ජයග්‍රහණයක් ලබාගෙන නොමැති බවයි.
ඒ අනුව, මොදිට තුනෙන් දෙකක බලයක් නොලැබෙනු ඇත.
මේ අතර, ඉන්දියාව යන කෙටි නාමයෙන් හැඳින්වෙන විපක්ෂ සන්ධානය අපේක්ෂාවන්ට වඩා බෙහෙවින් ඉක්මවා ගිය ප්‍රගතියක් පෙන්නුම් කර ඇති අතර ඔවුන් සාමූහිකව ආසන 234ක් දිනා ඇත. ජාතික හා ප්‍රාදේශීය විපක්ෂ පක්ෂ 20කට අධික සංඛ්‍යාවකින් ගොඩනැගුණු මෙම සන්ධානය මෙවර මැතිවරණයේදී ප්‍රථම වරට එකට එකතු වී තිබුණේ 2014 වසරේ සිට බලයේ සිටින මෝඩි පරාජය කිරීමේ අරමුණ ඇතිවය.
ජන්ද ප්‍රතිඵල වලට අනුව උත්තර් ප්‍රදේශ්හි සමාජවාදි පක්ෂය, බටහිර බෙංගාලයේ ත්‍රිනාමූල් කොංග්‍රසය සහ තමිල්නාඩුවේ ද්‍රවිඩ මුන්නේත්‍ර කසාගම් පක්ෂය වැනි ප්‍රාදේශීය පක්ෂ ද ප්‍රබල ක්‍රියාකාරිත්වයක් මෙවර පෙන්වා ඇත.