×

රටවල් අඟුළු දැමීමත් සමඟ ළමා අපයෝජන ඉහළට

විවිධ කල්ලි විසින් වහල්භාවයේ තබාගෙන සිටින ළමයින් කැමරා ඉදිරිපිට දරුණු ලෙස ප්‍රචණ්ඩත්වයට ලක් වේ. මෙම අපයෝජන සහිත දර්ශන එක්සත් රාජධානිය ඇතුළු බටහිර රටවල ගනුදෙනුකරුවන් සඳහා සජීවීව විකාශනය කර ඔවුන් මුදල් උපයනු ලබයි.


අපරාධකරුවන් සහ විකෘති මානසික තත්ව වලින් පෙළෙන්නන් ළමයින් ඉලක්ක කර ගැනීම සඳහා කො‍රෝනා වෛරසය හේතුවෙන් රටවල් අනුගමනය කර ඇති අගුලු දැමීම් ප්‍රතිපත්ති හේතුවෙන් නිර්මාණය වී ඇති අවකාශය භාවිතා කරන බවට ලොව පුරා පොලිස් බලධාරීන් අනතුරු අඟවා ඇත.

බීබීසී ය විසින් රැස් කරන ලද දත්ත වලින් හෙළි වන්නේ මෙම කාල වකවානුව තුළ අපයෝජන නිරූපණ සඳහා ඇති ඉල්ලුම ඉහළ ගොස් ඇති බවයි. මාර්තු සිට අප්‍රේල් දක්වා කාලය තුළ අසභ්‍ය අන්තර්ජාල තොරතුරු හුවමාරු වීම ගෝලීය වශයෙන් දෙගුණයකටත් වඩා වැඩි වී තිබේ.

එක්සත් ජනපදයේ අතුරුදහන් වූ සහ අපයෝජනයට ලක්වූ ළමුන් සඳහා වූ මධ්‍යස්ථානය පැවසුවේ, මෙම ාගයන්ගේ ඉහළයාම විශේෂයෙන් පුළුල් ලෙස සංසරණය වන බිහිසුණු අපයෝජන වීඩියෝවකට සම්බන්ධ බවයි.

එක්සත් රාජධානියේ, පසුගිය මාසයේදී ඉන්ටර්නෙට් වොච් පදනම විසින් අවහිර කර ඇති ළමා ලිංගික අපයෝජන වෙබ් අඩවි වලට පිවිසීමට මිලියන නවයකට ආසන්න පිරිසක් උත්සාහයක් ගෙන තිබෙන බව වාර්තා වේ.

අන්තර්ජාල සේවා සපයන්නන් වෙත ළමා අපයෝජන දර්ශන සහිත වෙබ් අඩවි වාර්තා කරන ළමා අපයෝජන විරෝධී පුණ්‍යායතනය පවසන්නේ, අගුලු දැමීම ආරම්භ වූ දා සිට තාක්‍ෂණ සමාගම් විසින් මෙවන් අඩවි මකාදැමීම් 89% කින් අඩුවී ඇති බවයි. වසංගතය අතරතුර මෙම සමාගම් බොහොමයක ඔවුන්ගේ සේවා දුරකථන ඇමතුම් වලට ප්‍රතිචාර දැක්වීමට කාර්ය මණ්ඩලයේ අඩු පිරිසක් සිටින නිසා විය හැකි බව ඔවුන් විශ්වාස කරයි.

ස්පාඥ්ඥ ජාතික පොලිසිය පවසන්නේ මාර්තු 13 වනදා සිට අගුලු දැමීම ආරම්භ වීම සමග අන්තර්ජාලයේ ළමා ලිංගික වීඩියෝ දර්ශන ප්‍රමාණය 20% කින් පමණ ඉහළ ගොස් ඇති බවයි. ළමා අපයෝජන වෙබ් අඩවි වලට පිවිසීමට ගත් උත්සාහයන් තුන් ගුණයකින් වැඩි වී ඇති බව ඩෙන්මාර්කය අනාවරණය කළේය.

ළමා අපයෝජන වීඩියෝ බොහෝමයක් පිලිපීනයේ නිපදවා ඇති අතර එහිදී ළමයින් අපයෝජන දාම මගින් ප්‍රවාහනය කරනු ලැබේ.

විවිධ කල්ලි විසින් වහල්භාවයේ තබාගෙන සිටින ළමයින් කැමරා ඉදිරිපිට දරුණු ලෙස ප්‍රචණ්ඩත්වයට ලක් වේ. මෙම අපයෝජන සහිත දර්ශන එක්සත් රාජධානිය ඇතුළු බටහිර රටවල ගනුදෙනුකරුවන් සඳහා සජීවීව විකාශනය කර ඔවුන් මුදල් උපයනු ලබයි.

යුරෝපාල් හි කැතල් ඩෙලනි පවසන්නේ “ළමයින් වඩාත් අවදානමට ලක්ව ඇත, ඔවුන් හුදෙකලා වී ඇත, ඔවුන් අන්තර්ජාලය තුළ අධීක්ෂණයට ලක් නොවන අතර ඔවුන් මීට පෙර තිබූ කාලයට වඩා මෙම කාලය තුළ අන්තර්ජාලය තුළ වැඩි කාලයක් ගත කරයි.”යන්නයි. බොහෝ පාසල් වසා දමා ඇති හෙයින්, ළමයින් අන්තර්ජාලය හරහා වැඩි කාලයක් ගත කරති. විශේෂඥයන් පවසන්නේ මේ හේතුවෙන් ලිංගික අතවර සඳහා ගොදුරු වීමේ වැඩි අවදානමක් ඇති බවයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි