×

සවුදි ක්‍රියාකලාපය තීරණාත්මකයි, ඔපෙක් සංවිධානයෙන් නිවේදනයක්!

ගෝලීය තෙල් මිල අස්ථාවරත්වය මැඩපැවැත්වීම සඳහා සවුදි අරාබිය ගනු ලබන කඩිනම් පියවර ඉතා තීරණාත්මක වනු ඇති බවට ඔපෙක් සංවිධානය පවසයි.


ගෝලීය තෙල් සැපයුම් දාමයට ප්‍රභල බලපෑමක් එල්ල කළ සවුදි අරම්කෝ තෙල් කම්හල් වලට පසුගිය දින එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාරයෙන් පසුව සවුදිය ක්‍රියාකරනු ලබන ආකාරය තීරණාත්මක වනු ඇති බවට ඔපෙක් (Organization of the Petroleum Exporting Countries: OPEC) සංවිධානය ප්‍රකාශ කොට තිබේ.

ඔපෙක් සංවිධානයේ මහලේකම් මොහොමඩ් බාර්කින්ඩෝ අද (26) දින නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටියේ සවුදි ප්‍රහාරයෙන් ගෝලීය තෙල් වෙලඳපොල දෙදරුම් කෑ පසු, තෙල් මිල අස්ථාවරත්වය මැඩපැවැත්වීම සඳහා සවුදි අරාබිය ගනු ලබන කඩිනම් පියවර ඉතා තීරණාත්මක වනු ඇති බවයි. 

විශේෂයෙන් සංවර්ධනය වෙමින් පවතින රටවලින් තෙල් ඉල්ලුමේ ශක්තිමත් දිගුකාලීන වර්ධනයක් තම සංවිධානය අපේක්ෂා කරන බවට ද බාර්කින්ඩෝ පැවසීය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි