×

Sheikh Hasina ගේ පවුලේ දේපළ සහ බැංකු ගිණුම් රැසක් රාජසන්තක කෙරේ!

හිටපු බංග්ලාදේශ අගමැතිනි ෂෙයික් හසීනාගේ ධන්මොන්ඩි නිවස වන ‘සුදාසන්’ සහ ඉන්දියාවේ පිටුවහල්ව සිටින ඇගේ පවුලේ සාමාජිකයින්ට අයත් තවත් දේපළ කිහිපයක් අත්පත් කර ගැනීමට නියෝග කර ඇතැයි වාර්තා වේ.


රෂිකා හෙන්නායක මාර්තු 13 ,ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

හිටපු බංග්ලාදේශ අගමැතිනි ෂෙයික් හසීනාගේ ධන්මොන්ඩි නිවස වන ‘සුදාසන්’ සහ ඉන්දියාවේ පිටුවහල්ව සිටින ඇගේ පවුලේ සාමාජිකයින්ට අයත් තවත් දේපළ කිහිපයක් අත්පත් කර ගැනීමට නියෝග කර ඇතැයි වාර්තා වේ.

ඒ ඩකාහි අධිකරණයක් විසින් බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

තවද, ඇගේ පවුලට අයත් බැංකු ගිණුම් 124 ක් අත්අඩංගුවට ගැනීමට ද අධිකරණය නියෝග කළ බව නිලධාරීහු පවසති. දූෂණ විරෝධී කොමිසම (ACC) විසින් කරන ලද ඉල්ලීමකට අනුව ඩකා මෙට්‍රොපොලිටන් ජ්‍යෙෂ්ඨ විශේෂ විනිසුරු සකීර් හොසේන් ගලිබ් අඟහරුවාදා මෙම නියෝගය නිකුත් කර ඇති බව ද එරට මාධ්‍ය වාර්තා කරයි.

හසීනාගේ සැමියා වන අභාවප්‍රාප්ත න්‍යෂ්ටික විද්‍යාඥ එම්ඒ වාසෙඩ් මියා, සුධා මියා යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන ලදී. ‘සුධාසදන්’ නම් නිවස ඔහුගේ නමින් නම් කර ඇත්තේ ඒ අනුවය. හසීනාට අමතරව ඇගේ පුත් සජිබ් වාසෙඩ් ජෝයි, දියණිය සයිමා වාසෙඩ් පුටුල්, සහෝදරිය ෂෙයික් රෙහානා සහ ඇගේ දියණියන් වන ටියුලිප් සිද්දික් සහ රඩ්වාන් මුජිබ් සිද්දික් යන අයට අයත් තවත් දේපළ කිහිපයක් අත්පත් කරගෙන ඇත.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි