×

යුක්රේන යුද්ධයේ අඳුරු සෙවණැලි ලෝකයම අනතුරකට ඇද දමයි – එක්සත් ජාතීන්ගේ මහලේකම්

යුක්රේන යුද්ධය හේතුවෙන් ලෝකයම අංශභාග තත්වයකට පත් වෙමින් ඇත


77 වන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල රැස්වීමේදී (UNGA)එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටේරස් ලෝක නායකයන් අමතා ප්‍රකාශ කර තිබුණේ යුක්රේන යුද්ධය හේතුවෙන් ලෝකයම අංශභාග තත්වයකට පත් වෙමින් ඇති බවයි.

මෙහිදී ලෝක ආහාර අර්බුදයක් අතර ලෝක බලවතුන්ගේ විරසකබව සම්බන්ධයෙන් ද මහලේකම්වරයා අදහස් දක්වා තිබිණ. මෙහිදී ගෝලීය සාමය පවත්වා ගැනීමට ඇති එකම මාර්ගය සහයෝගීතාවය සහ සංවාදය බව ඔහු අවධාරණය කර ඇත.

සංවර්ධිත සහ සංවර්ධනය වෙමින් පවතින රටවල් අතර, උතුර සහ දකුණ අතර, වරප්‍රසාද ලත් සහ සෙසු රටවල් අතර ඇති පරතරය දිනෙන් දින වර්ධනය වන හෙයින් අප එකමුතුව එක්සත් ජාතීන් ලෙස වැඩ කළ යුතු බව මහලේකම්වරයා මෙහිදී ලෝක නායකයන්ගෙන් ඉල්ලා ඇත.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි