BORDERS MAY DIVIDE US, BUT HOPE WILL UNITE US.
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි.

මියැන්මාරයේ හිටපු ජනපති ජුන්ටා අධිකරණයේ

පසුගිය පෙබරවාරියේ හමුදා කුමන්ත්‍රණයක් මගින් බලයෙන් පහ කළ මියැන්මාරයේ හිටපු ජනපතිවරයා ජුන්ටා අධිකරණය ඉදිරියේ පෙනී සිටියේය.

හිටපු ජනපති වින් මීන්ට් හට එරෙහිව හමුදා ජුන්ටාව විසින් රාජ්‍ය ද්‍රෝහිත්වය සහ පෙළඹවීම ඇතුළු චෝදනා ගණනාවක් නගා තිබේ.

ඔහු පසුගිය පෙබරවාරියේ අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනුණේ හිටපු ප්‍රජාතන්ත්‍රවාදී නායිකා අවුන් සාන් සුකී ද සමග ය.

අධිකරණය ඉදිරියේ පෙනී සිටි ඔහු, කුමන්ත්‍රණයේ පළමු පැය කිහිපයේදී සිදුවූ දේ ද හෙළි කළේය. එහිදී හමුදා ජුන්ටාව විසින් ඔහුට කියා තිබෙන්නේ ජීවිතය බේරාගැනීමට අවශ්‍ය නම් ධුරයෙන් ඉවත් වන ලෙස ය.

හිටපු ජනපති වින් මීන්ට්, අවුන් සාන් සුකී ගේ දීර්ඝකාලීන සගයෙකු සේ සැලකේ.

තවද ඔහුගේ පාලන සමය සාපේක්ෂව ප්‍රජාතන්ත්‍රවාදය අගය කළ යුගයක් සේ ද සැලකිණි.

මියැන්මාරයේ ‘ජුන්ටාව‘ නිල වශයෙන් හැඳින්වෙන්නේ ‘රාජ්‍ය පරිපාලන කවුන්සිලය‘ යනුවෙනි. ඔවුන් විසින් සුකී නායකත්වය දරන NLD හෙවත් ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා ජාතික ලීගය විසුරුවා හරින බවට තර්ජනය කළ බව ද සඳහන් ය.

මේ අතර අවුන් සාන් සුකී ද මේ මාසය අග දී ජුන්ටා අධිකරණය ඉදිරියට කැඳවීමට නියමිත ය.


තෝකියෝවේ සමරිසි විවාහ ලබන වසරේ මුල සිට නීතිගතයි !!

ෆාර්ක් ගරිල්ලා අණදෙන නිලධාරී El Paisa ජීවිතක්ෂයට

අවුන් සාන් සූකී ට වසර 4 කට සිර දඬුවම්!

පාකිස්ථානයේදී ශ්‍රී ලාංකිකයෙකු ඝාතනය : ප්‍රධාන සැකකරුවෙකු ඇතුළු සැකකරුවන් 100කට අධික පිරිසක් අත්අඩංගුවට

එක්සත් ජනපද ශ්‍රේෂ්ඨාධිකරණය ගබ්සා නීතියට වැට බඳියි

Arwen එංගලන්තයෙන් ස්කොට්ලන්තයට

සමලිංගික සබඳතා සාපරාධී නොවන බවට බොට්ස්වානා තීන්දුවක්

ලෝක ජනගහනයෙන් 37% ක් කිසි විටෙකත් අන්තර්ජාලය භාවිතා කර නොමැත!

error: Content is protected !!
error: Content is protected !!