×

හදවත සමග දැනුම බෙදාගත් සත් වසක්!

සටහන – (අවුට්බවුන්ඩ් ටුඩේ සමාරම්භක කතෘ) නීතීඥ රධිකා ගුණරත්න දෙසැම්බර් 25, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මායිම් අප වෙන් කළ ද බලාපොරොත්තුව අප එක් කරන බව තේමා පාඨය කර ගනිමින් අවුට්බවුන්ඩ් ටුඩේ වෙබ් අඩවිය අරඹා අදට සත් වසකි. ගෙවී ගිය සත් වස තුළ අවුට්බවුන්ඩ් ටුඩේ, තවත් අඩ සිය වසකට ඔබින ආකාරයේ නිහඬ වැඩක් කළ බව ට ඔබ අප සමග එකඟ වනු ඇත. […]


සටහන – (අවුට්බවුන්ඩ් ටුඩේ සමාරම්භක කතෘ) නීතීඥ රධිකා ගුණරත්න

දෙසැම්බර් 25, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මායිම් අප වෙන් කළ ද බලාපොරොත්තුව අප එක් කරන බව තේමා පාඨය කර ගනිමින් අවුට්බවුන්ඩ් ටුඩේ වෙබ් අඩවිය අරඹා අදට සත් වසකි. ගෙවී ගිය සත් වස තුළ අවුට්බවුන්ඩ් ටුඩේ, තවත් අඩ සිය වසකට ඔබින ආකාරයේ නිහඬ වැඩක් කළ බව ට ඔබ අප සමග එකඟ වනු ඇත.  

මේ අතර, අසහාය ගායක ජෝර්ජ් මයිකල්, සිය සදාකාලික නත්තල් ගීය – “Last Christmas,” ලොවට තිළිණ කර 2024 දෙසැම්බරයට වසර හතළිහකි. එනම්, අපට හතකි. එයට හතළිහකි.

තමන් රැවටුණු නිසා මේ නත්තලේදී, කඳුළු නොගෙනෙන යම් කෙනෙකුට හදවත දෙන්නට තීරණය කර ඇති නමුත්, ඈ මද සිනා පෑවොත් නැවත වශීකෘත වන්නට ඒ ගීයේදී ඔහු සූදානම් ය. ජීවිතය ද එබඳු ය. මැද පෙරදිග යුධ දුමෙන් වැසී යද්දී බෙත්හෙලෙමේ අද ද තරු පායන්නේ එනිසා ය. බලාපොරොත්තුව සහ ආදරය විසින් මනුෂ්‍යත්වය ජීවත් කරවන නිසා ය.

ජීවිතයේ ආදරය, අහිමි වීම සහ අපේක්ෂාව එක්තැන් කරමින් ඒ‘පහුගිය නත්තලේ‘(Last Christmas)දී ගීයේ මැද ඔහු මෙසේ ගයයි.

“Happy Christmas”
I wrapped it up and sent it
With a note saying “I love you”,
I meant it

‘සුබ නත්තලක්‘ යැයි එය ඔතා
යැව්වෙමි සටහනක් සමගින්
‘මම ආදරෙයි‘ කියා

ඉතින්, බලාපොරොත්තුව සමගින් ආදරය ඔතා එවන, ‘පහුගිය නත්තල‘ අලුත් කරන අවුට්බවුන්ඩ් ටුඩේ සමග මොහොතින් මොහොත වෙනස් වන ලෝකයක මිනිස් බවෙන් අලුත් වන්න අප සමග රැඳී සිටින්න!



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි