×

Outboundtoday.com වෙතින් සතිපතා අසන ප්‍රශ්න සදහා පිළිතුරු දී ජයග්‍රාහකයෙකු වන්න

?


ලෝකය එදිනෙදා දකින්නට එකම තැනකදී ඉඩ සළසන අප ලෝක ඉතිහාසය මෙන්ම අනාගත වාක්‍ය පිළිබදවද ඇති තතු සොයා ගොස් ඔබ වෙත ගෙන එන ගමනේ අප අප ඔබ හා බෙදා ගත් දැනුම හා තොරතුරු ඔබට කොතරම් සමීප වී ඇතිදැයි උරගා බැලීමට අප සූදානම්.

ගෝලීය තතු විත්ති ගැන ඔබේ දැනුම උරගා බැලීමට ඔබට ඉඩ කඩ සළසා දීම අපගේ මෙම වෑයමේ ප්‍රධාන අරමුණයි.

තරගාවලියේ ස්වභාවය හා නීති රීති

අප විසින් සති පතා අසන අලුත්ප්‍රශ්න සදහා පිළිතුරු ලබා දීම ඔබට පැවරෙන කාර්යයි.

එසේ පිළිතුරු ලබා දුන් පිරිස අතරින් සෑම සතියකම එක් ජයග්‍රහකයා බැගින්ද මසකට ජයග්‍රහකයන් සිවු දෙනෙක්ද අපි තෝරා ගනිමු.

ඔවුන් සිවු දෙනා වෙත ත්‍යාග සහ සහතික ලබා දෙනු ඇති අතර සෑම මසකම ඔවුන් විසින් ලබා දෙන අපගේ විෂයයන්ට‍ අදාල කුමන හෝ අයුරේ ලිපියක් කොන්දේසි සහිතව අපගේ වෙබ් අඩවියේ සහ ෆේස්බුක් පිටුවේ පළ කිරීමට අප විසින් කටයුතු කරනු ඇත.

ඔබ කළ යුත්තේ අප විසින්
https://outboundtoday.com/category/outboundtoday-quiz/ හී සතිපතා පල කරන ප්‍රශ්න සදහා පිළිතුරු අප වෙත ඊ මේල් හෝ ෆේස්බුක් පණිවිඩයක් ලෙස අංක පිළිවෙලට ලබා දීමයි.

අප විසින් ප්‍රශ්න අසනු ලබන්නේ අදාල සතුය තුළ ලෝකය තුළ සිදු වූ සිදුවීම් පිලිබඳව අප පලකරන ලද ලිපි ආශ්‍රයෙනි.

ඒ සදහා අවශ්‍ය ඉඟි ලබා දීමද අප විසින් සිදු කරනු ලැබේ.

ජයග්‍රාහකයින් අපගේ වෙබ් අඩවියේ මෙන්ම ෆේස්බුක් පිටුවේද සතිපතා පල කරනු ඇති අතර අදාල ජයග්‍රාහකයින්ට පෞද්ගලිකව ඊ මේල් ඔස්සේ දැනුම් දීමටද කටයුතු කරමු.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි