×

වසර 3ක් තුළ මහාරාෂ්ට්‍රයේ ගොවීන් 12000 වඩා දිවි නසාගෙන

මෙම වසරේ ජනවාර් සහ මාර්තු අතර කාල පරිච්ඡේදයේදී පමණක් ගොවීන් 610 සිය දිවි නසාගත් බව රජයේ වාර්ථා විසින් අනාවරණය කරන ලදී,


ඉන්දියාවේ මහාරාෂ්ඨ්‍ර ප්‍රාන්තයේ පමණක් 12000 ට අධික ගොවීන් සංඛ්‍යාවක් 2015 සිට 2018 දක්වා කාලය තුළ සිය දිවි නසාගෙන ඇති බව ඉන්දීය පාර්ලිමේන්තුවේදී පසුගියදා අනාවරණය විය.
වාර්ථාවන පරිදි මෙම වසර තුනක කාලය තුළ නිෂ්චිත ලෙසම සිය දිවි නසාගෙන ඇති 12021 කි.

ඔවුන් අතරින් වැඩි පිරිසක් සිය දිවි නසා ගැනීමට හේතු වී ඇත්තේ ආර්ථික දුෂ්කරතා වන අතර රජයෙන් සහ පෞද්ගලික අංශ වලින් ලබා ගත් ණය නැවත ගෙවීමට අපහසු වීම, දුගී බව, වගා අසාර්ථක වීම ආදී හේතූන් මේ සදහා බලපා ඇත.

මෙම වසරේ ජනවාර් සහ මාර්තු අතර කාල පරිච්ඡේදයේදී පමණක් ගොවීන් 610 සිය දිවි නසාගත් බව රජයේ වාර්ථා විසින් අනාවරණය කරන ලදී,

පසුගිය වසරේ දහස් ගණනක් ඉන්දීය ගොවියෝ රජයට එරෙහිව විරෝධතා දියත් කරමින් ඉල්ලා සිටියේ තමන්ව ණය බරින් නිදහස් කරන ලෙසයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි