×

මෝදිට ලැබුණු ත්‍යාග 2772ක් වෙන්දේසියේ

උපයන මුදල් රටේ ගංගා පිරිසිදු කිරීමට යොදවයි.


ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි විසින් තමන්ට ලැබුණු විවිධ අයුරේ ත්‍යාග වෙන්දේසි කිරීම සදහා පියවර ගෙන ඇත. ඒ මෙම මස 14 වන දින සිටයි. ඒ අනුව ඔහුට ලැබුණ ත්‍යාග 2700ක් වෙන්දේසි කිරීමට නියමිත අතර මෙම වෙන්දේසිය සිදු කිරීමට නියමිතව ඇත්තේ අන්තර් ජාලය ඔස්සේ සිදු කරන වෙන්දේසියක් මගිනි.

වෙන්දේසිය සදහා යොමු කරන ලද මෝදිගේ ත්‍යාග මේ වන විට ඉන්දියාවේ National Gallery of Modern Arts හී දී ප්‍රදර්ශනය සදහා තබා ඇත. පසුගිය මාස 6ක කාලයක තිස්සේ ලැබුණ ත්‍යාග පමණක් මෙසේ වෙන්දේසි කරනු ලබන අතර එම ත්‍යාග අතරට ඉස් පළදානා, සාටක, විවිධ සිතුවම්, අසිපත් ආදී ඔහුට විවිධ සංවිධාන සහ පුද්ගලයින් වෙතින් ලැබුණු ත්‍යාග අයත් වේ.

ඉන්දීය රුපියල් 200 සිට ලක්ෂ 2.5 දක්වා වටිනාතම් වලින් යුත් මෙම ත්‍යාග අතරේ වැඩිම වටිනාකමක් ඇති ත්‍යාගය වන්නේ ඇදුම් නිර්මාණ ශිල්පියෙකු වන බීනා කන්නන් විසින් තෑගි කරනු ලැබූ සිල්ක්නූලෙන් නිම වූ මෝදිගේ පිළිරුවකි.

මීට ඉහතදීද ජනවාරි මාසයේදී පැවැත්වූ වෙන්දේසිකදී ත්‍යාග 1800ක් වෙන්දේසි කර ඇත. ඒ සදහා 4000ක පමණ පිරිසක් ලංසු තබන්නන් පිරිසක් සහභාගී විය.
අගමැති මෝදිගේ ත්‍යාග මෙසේ වෙන්දේසියෙන් ලැබෙන මුදල් සියල්ල නමාමි ගංගා නැමති ගංගා පිරිසිදු කිරීමේ ව්‍යාපෘතියක් සදහා යෙදවීමට නියමිතය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි