×

කොරෝනා සුව කරගන්න විෂ සහිත මද්‍යසාර පානය කර මිය ගිය ඉරාන ජාතිකයින් සංඛ්‍යාව 700 ඉක්මවයි

.


නව කොරෝනා වෛරසය සුව කර ගත හැකි යැයි සිතා විෂ සහිත මත් පැන් පානය කරමින් මිය ගිය ඉරාන ජාතිකයින් සංඛ්‍යාව 700 ඉක්මවා ඉහළ ගොස් ඇති බව වාර්ථා වේ.

එරට ජාති මරණ පරීක්ෂණ අධිකාරිය වාර්ථා කරන පරිදි පසුගිය පෙබරවාරි මස සිට අප්‍රේල් 7 දක්වා කාලය තුළ මෙසේ මත් වතුර විෂ වී මිය ගිය පිරිස 728 කි.

ඉරානයේ සෞඛ්‍ය අමාත්‍යවරයා පවසන්නේ පුද්ගලයින් 5011 ක් මෙසේ විෂ සහිත මෙතනෝල් මත් පැන් පානය සිදු කර ඇති බවත් මේ අතරින් 90 දෙනෙකු ගේ පමණ ඇස් පෙනීම අහිමි වී ඇති බවයි.

කොරෝනා වෛරසයේ ඉහළම බලපෑමට ලක් වූ මැදපෙරදිග රාජ්‍ය ඉරානය වන අතර එරට වෛරසය ආසාදිතයින් 91000කට වඩා වාර්ථා වේ. මිය ගිය සංඛ්‍යාව 5806ක් බව තහවුරු වේ.

ඉරාන ජාතිකයින් මෙසේ පානය කළ මත් පැන් වල අඩංගු වූ මෙතනෝල් ශරීර ගත වූ පසු පුද්ගල මොළයට අධික ලෙස හානි සිදු කරන අතර පපුවේ වේදනාව, ඔක්කාරය, හුස්ම ගැනීමේ ස්වභාවය, අන්ධභාවය සහ කොමා තත්ත්වයන් ඇති වීම සිදු වේ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි