×

ඔක්ස්ෆර්ඩ් ශබ්දකෝෂයට එක්වූ අලුත්ම වචනය “overtourism” හමුවේ ලෝකය

"overtourism," ශබ්ද කෝෂය තුළ මෙය අර්ථ දක්වා ඇත්තේ - පරිසරයට හානි පමුණුවමින්, නේවාසිකයින්ගේ ජීවිත වලට අහිතකර හානි පමුණවමින් සුප්‍රසිද්ධ ස්ථාන වලට පැමිණෙන අධික සංචාරකයින් සංඛ්‍යාව '' යනුවෙනි.


තමන් ගේ ජීවිත කාලය තුළ ලෝකය දැක බලා ගැනීමට අකමැත්තක් ඇති අය ලොකයේ නැති තරම්ය. ලෝකයේ බොහෝ රටවල් අද වන විට සංචාරක කර්මාන්තය තුළ මුහුණ දෙමින් සිටින විශාලතම ගැටළුව වී ඇත්තේ අධික සංචාරක පැමිණීමයි. ඇතැම් රටවල් සංචාරක ව්‍යාපාරය දියුණු කරන්නට උත්සහා දරණ අතරේ තවත් රටවල් බෙහෝමයක් තම රටට පැමිණෙන සංචාරකයන්ට හරවා නිවෙස් බලා යන ලෙස ඉල්ලා සිටින බව මේ මොහොත වන විට අප විශ්වාස කළ යුතු සිදුවීමකි.

පසුගිය වසර ගණණාව පුරා සංචාරක කර්මාන්තය මුහුණ දෙමින් සිටින මෙම නව ප්‍රවණතාව නිසාම 2018 වසරේදී ඔක්ස්ෆර්ඩ් ශබ්ද කෝෂයට අලුතින්ම එකතු වූ වචනයකි “overtourism,” ශබ්ද කෝෂය තුළ මෙය අර්ථ දක්වා ඇත්තේ – පරිසරයට හානි පමුණුවමින්, නේවාසිකයින්ගේ ජීවිත වලට අහිතකර හානි පමුණවමින් සුප්‍රසිද්ධ ස්ථාන වලට පැමිණෙන අධික සංචාරකයින් සංඛ්‍යාව ” යනුවෙනි.

පේරු රාජ්‍යයේ මාචු පීචු

ලෝක සංචාරක කවුන්සිලයට අනුව 2018 වසරේදී ජාත්‍යන්තර වශයෙන් සිදුවී ඇති සංචාරක ගමන් සංඛ්‍යාව බිලියන 1.4කි. ඉන් 36% වඩා ප්‍රමාණයක් එනමි බිලියන අඩකට වඩා ප්‍රමාණයක් සංචාරය කර ඇත්තේ ලෝකයේ සුප්‍රසිද්ධම සංචාරක නගර 300න් එකක් වෙතය.
එමෙන්ම අධි සංචාරක නගර බවට ඉදිරියේදී පත්වීමට නියමිත නගරයන් කිහිපයක්ද ලෝක සංචාරක කවුන්සිලය අනාවරණය කරයි. ඒවා නම් දිල්ලිය, කයිරෝ නගරය, බැංකොක් සහ රුසියාවේ මොස්කවු නගරයි.

නෙදර්ලන්තයේ ඈම්ස්ටර්ඩෑම්

මීට අමතර මේ වන විට අධි සංචාරක නගර ලෙස ලොව වැඩිම සංචාරකයින් ප්‍රමාණයකගේ සිත් ගත් සංචාරක මධ්‍යස්ථාන ලෙස නම් කර අති නගර කිහිපයක් වේ

අයිස්ලන්තය

පේරු හී මාචු පීචු,15 වන සියවසට අයත් ඉන්කාන් බලකොටුව හා අනෙකුත් පෞරානික නටබුන් වෙත 2018 වසරේ පැමිණි සංාරකයින් සංඛ්‍යාව 1,578,030කි. දිනපතා 4300ක් සංචාරකයින් සාමාන්‍යයෙන් මෙහි පැමිණේ.

ඉන්දුනීෂියාවේ බාලි

නෙදර්ලන්තයේ ඈම්ස්ටර්ඩෑම්, 2018 වසරේ මෙහි පැමිණි සංචාරකයින් සංඛ්‍යාව මිලියන 18ක් වේ. 20130 වන විට සංචාරකයින් මිලියන 42ක් අපේක්ෂා කෙරේ.

ඉතාලියේ වැනීසිය, ක්‍රෙයේෂියාව,අයිස්ලන්තය, බෙල්ජියමේ බ්‍රග්ස්,ඉන්දුනීසියාවේ බාලි, ඉන්දියාවේ තජ්මහල්,ග්‍රීසියේ සැන්ටෝරනි, ස්කොට්ලන්තයේ එඩින්බර්ග් ආදී නගර ඒ අතර ඉදිරියෙන්ම වේ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි