×

ඔක්ස්ෆර්ඩ් ශබ්දකෝෂය ට අනුව වසරේ වචනය ‘climate emergency’

ශබ්ද කෝෂයේ දත්තයන්ට අනුව, “climate emergency” යන වචනය භාවිතය 10,796% ප්‍රතිශතයකින් ඉහළ ගොස් ඇත.


‘දේශගුණික හදිසි තත්ත්වය‘ යන අර්ථය සහිත ‘climate emergency’ යන වචනය 2019 වසරේ වචනය ලෙස ඔස්ක්ෆර්ඩ් ශබ්ද ‌‌‌‌කෝෂය විසින් හඳුන්වා දී ඇත. මෙම වසර තුළ මෙම වචනය භාවිත කිරීමේ වර ගණන සිය දහස් ගුණයකින් වැඩි වී තිබේ. ලෝකය තුළ දේශගුණික විපර්යාසයන් පිළිබඳ කථා කරන ප්‍රමාණය හා සැසැදීමේදී ද climate emergency යන්න වඩා වැඩි වශයෙන් භාවිත වී ඇත.

“දේශගුණික විපර්යාස අවම කිරීම හෝ නැවැත්වීම සහ එයින් ඇතිවිය හැකි ආපසු හැරවිය නොහැකි පාරිසරික හානිය වළක්වා ගැනීම සඳහා හදිසි ක්‍රියාමාර්ගයක් ගත යුතු තත්වයක්” ලෙස අර්ථ දක්වා ඇති මෙම වචනය “සාපේක්ෂව අපැහැදිලි තත්වයක” සිට “වඩාත්ම කැපී පෙනෙන හා ප්‍රමුඛ ලෙස විවාදසම්පන්න තත්වයට” ලක්වූ බව ඔක්ස්ෆර්ඩ් ආයතනය පවසයි.

ශබ්ද කෝෂයේ දත්තයන්ට අනුව “climate emergency” යන වචනයේ භාවිතය 10,796% ප්‍රතිශතයකින් ගෙවී යන වසර තුළ ඉහළ ගොස් ඇත.

ඔක්ස්ෆර්ඩ් ආයතනය පවසන පරිදි මෙම වචනය වසරේ වචනය ලෙස තෝරා ගැනීම තුළ දේශගුණික තත්ත්වයන් පිළිබඳ දැනුවත්භාවය පමණක් නොව ඒ පිළිබදව සාකච්ඡා කිරීම සඳහා සමාජය තුළ භාවිත වන භාෂාවද මැනවින් පිළිබිඹු වේ.

‘හදිසි තත්වය‘ යන වචනය හා බැඳුණු දේශගුණය යන වචනය ප්‍රථම ස්ථානයට පත් වන අතරතුර ”හදිසි සෞඛ්‍ය තත්ත්වය” (health emergency) යන වචනය පැමිණ ඇත්තේ දෙවන තැනටය.

2019 වසර වන විට ලෝකයේ නගර සිය දහස් ගණන් සහ රාජ්‍යයන් සිය ගණනක් “climate emergency” හෙවත් දේශගුණික හදිසි තත්ත්වයන් ප්‍රකාශයට පත් කර ඇත. පසුගිය අප්‍රේල් මස ස්කොට්ලන්තය, මැයි මස ඒක්සත් රාජධානියේ පාර්ලිමේන්තුව, කැනඩාව, ප්‍රංශය, සහ ඔස්ට්‍රෙලියාවේ සිඩ්නි නගරය ඒ අතර වෙයි.

2018 දී, දේශගුණය සාමාන්‍යයෙන් හදිසි තත්වයට අදාළව භාවිතා කරනු දක්නට ලැබුණේ නැත. ඒ වෙනුවට සෞඛ්‍යය, රෝහල සහ පවුල් හදිසි අවස්ථා පිළිබඳව භාවිතයන් පැවතිණි ” යනුවෙන් ඔක්ස්ෆර්ඩ් තේරීම් කමිටුව පවසයි.

“climate emergency” තනි වචනයක් නොව වචන දෙකක් බව ඇතැම් විරෝධතා එල්ල වුවද ඕස්ට්‍රේලියානු ගුවන්විදුලි සංස්ථාවේ නේවාසික වාග් විද්‍යාඥ අංශය 2017 වසරේදී දී පැහැදිලි කළ පරිදි “දේශගුණික හදිසි” වචන දෙකක් යැයි විරෝධය දක්වන අයට තනි වචනය කොටස් දෙකකින් සමන්විත යැයි ද පැවසිය හැකි වේ.

“heart attack”, “man-of-war” යන අදහස් ඇති “හෘදයාබාධ”, “යුද්ධයේ මිනිසා” ආදිය වචන දෙකක් වුවද තනි අදහස් ප්‍රකාශ වන බව එමගින් පෙන්වා දෙයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි