×

යේමන තරුණයන් දෙදෙනෙකුට මරණ දඬුවම

යේමනය, ළමා දූෂණය සඳහා වරදකරුවන් වූ තරුණයන් දෙදෙනෙකු හට මරණ දණ්ඩනය ක්‍රියාත්මක කළේය.


යේමනයේ 12 හැවිරිදි පිරිමි දරුවෙකු දූෂණය කර දමා දැමූ දෙදෙනෙකු ප්‍රසිද්ධියේ වෙඩි තබා මරා දමනු ලැබීය.

AK-47 රයිෆල යොදාගෙන මෙසේ මරණ දණ්ඩනය ක්‍රියාත්මක කරනු ලැබුවේ වාඩා රෙෆෙත් සහ මොහොමඩ් ඛලීඩ් නමැති 28 සහ 32 හැවිරිදි තරුණයන් දෙදෙනෙකුට එරෙහිව ය. පැහැරගෙන ගොස්, දූෂණය කර මරා දමා ඇති දරුවා, මෙම තරුණයන්ගේ අසල්වැසි නිවසක ජීවත්වූ අයෙකි.

යේමනයේ මරණ දණ්ඩනය ක්‍රියාත්මක කිරීම සඳහා ජනාධිපතිවරයාගේ අනුමැතිය අත්‍යාවශ්‍ය ය. එහිදී වෙඩි තබා මරා දැමීම සිදු කරයි.

ආඩෙන් නගරයේදී මෙම දඬුවම ක්‍රියාත්මක කරන ආකාරය නැරඹීම සඳහා විශාල පිරිසක් රැස්ව සිටි අතර ළමුන් ද ඒ අතර දැකගත හැකි විය.

මෙම තරුණයන් දෙදෙනාට මරණ දණ්ඩනය ලබාදීමේදී විනිසුරු කියා තිබුණේ, ‘‘දූෂණය කිරීමෙන් පසුව ඔවුන්ට දරුවාගේ හැඬුම් නිහඬ කළ නොහැකි වුණා. එක් අයෙක් පිහියක් ඇද ඔහුගේ ගෙළ කපා තිබෙනවා.“ යනුවෙනි.

යේමනය වැනි රටවල පවතින ෂරියා නීතියට අනුව, අනාචාරය සහ දේවාපහාසය සඳහා ද මරණ දණ්ඩනය ක්‍රියාත්මක කළ හැකිය.

ශ්‍රී ලංකාවේ ද මරණ දණ්ඩනය සම්බන්ධයෙන් විශාල කථිකාවක් ඇති වී තිබේ. නමුත් සැබෑ ගැටළුව පවතින්නේ නීතියේ නිසි ක්‍රියාපටිපාටිය තුළ හැමවිටම වරදකරුවන් ලෙස තීන්දු වන්නේ සැබෑ වරදකරුවන්ද යන්නයි.

හියුමන් රයිට්ස් වොච් සංවිධානයේ අධ්‍යක්ෂිකාව මෙසේ පවසයි. ‘‘දරුණුතම අපරාධයන් සඳහා පවා, චූදිතයාට ප්‍රමාණවත් නීති නියෝජනයක් ලබාගත නොහැකි යේමනය වැනි රටක මරණ දණ්ඩනය ක්‍රියාත්මක කිරීම අතිශය ගැටළුකාරී වේ.‘‘

තරුණයන් දෙදෙනා වෙඩි තබා මරාදැමීමට මොහොතකට පෙර | Reuters
Reuters
ආඩෙන් නගරයේදී සිදුකළ මෙම මරණ දණ්ඩනය නැරඹීම සඳහා විශාල පිරිසක් එක්රැස්ව සිටියහ.
Reuters


#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි