×

පාකිස්තානයේ ගංවතුර හේතුවෙන් පුද්ගලයන් 937ක් මිය ගොස් මිලියන 30ක් අවතැන්ව ඇත. (Video)

ගංවතුරින් හානි වූ ප්‍රදේශවල ගලවා ගැනීමේ උත්සාහයන් ඉතා වේගයෙන් ක්‍රියාත්මක වන බව දේශගුණික විපර්යාස පිළිබඳ ෆෙඩරල් අමාත්‍ය ෂෙරී රෙහ්මාන් මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත.


පාකිස්තානයේ හදිසි ගංවතුර තත්වය හේතුවෙන් 937කට ආසන්න ප්‍රමාණයක් මිය ගොස් තුවාල ලැබූවන් 1343 ඉක්මවා ඇති බව වාර්තා වේ. ගංවතුර හේතුවෙන් අවතැන්ව ඇති පිරිස මිලියන 30කට අධික වන අතර පාකිස්තානු රජය විසින් මෙම තත්වය හදිසි ආපදා තත්වයක් ලෙසින් ප්‍රකාශයට පත් කර ඇත. රජය විසින් නිවේදනය කර තිබුණේ දශක ගණනාවකට පසු ඇති වූ දරුණුතම ගංවතුර මෙය බවයි.

මියගිය අයගෙන් අඩකට වැඩි ප්‍රමාණයක් බලුකිස්තාන් සහ දකුණු සින්ද් පළාතෙන් වාර්තා වන අතර,සිදුව ඇති හානිය මෙතෙක් ගණන් බලා නොමැත.

පළාත් හතරක් පුරා දිස්ත්‍රික්ක 100 කට වැඩි ප්‍රමාණයක් ගංවතුරට ගොදුරු වී ඇති අතර බලුකිස්තානයේ අගනුවර වන ක්වෙටා රටේ සෙසු ප්‍රදේශවලින් හුදකලා වී ඇති අතර බොහෝ මහාමාර්ග සහ පාලම් ගංවතුරෙන් ගසාගෙන ගොස් ඇත. මේ හේතුව නිසා විපතට පත් ප්‍රදේශවලට ළඟා වීමට බලධාරීන්ට අපහසු වී ඇති බව වාර්තා වේ. කෙසේ නමුත් ගංවතුරින් හානි වූ ප්‍රදේශවල ගලවා ගැනීමේ උත්සාහයන් ඉතා වේගයෙන් ක්‍රියාත්මක වන බව දේශගුණික විපර්යාස පිළිබඳ ෆෙඩරල් අමාත්‍ය ෂෙරී රෙහ්මාන් මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත.


https://youtu.be/gDnFe5eDlho

සශිකලා මධුෂාණී-



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි