×

පකිස්ථානයේ ඉහළ රාජ්‍ය නිලධාරීන් කිහිප දෙනෙකුටම කොරෝනා. විදෙස් ඇමැතිටත් වැළඳෙයි

දෛනික වශයෙන් නව අසාදන 4,000 පමණ එරටින් වාර්තා වන බව සඳහන් වේ.


පකිස්ථානු විදේශ අමාත්‍ය ෂාහ් මෙහ්මූඩ් කුරේෂි හට කොවිඩ්-19 අසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.

ඊයේ දින සිය කොරෝනා තත්ත්වය පිලිබඳ ඔහු හෙළිදරව් කොට තිබේ.

මෙසේ කොරෝනා අසාදනය වී තිබෙන්නේ ඇෆ්ගනිස්ථානයේ ඇමරිකානු නියෝජිත ඇතුළු ඉහළ රාජ්‍ය තාන්ත්‍රික කිහිප දෙනෙකු සමඟ හමුවීම් ගණනාවක් පැවැත්වීමෙන් අනතුරුව බවද හෙතෙම සඳහන් කරයි.

කුරේෂි මහතා නිකුත් කළ ට්විටර් පණිවුඩයකට අනුව, හටගත් සුළු උණ තත්වයක් නිසා හැකි ඉක්මනින් ස්වයං නිරෝධායන ක්‍රියාවලිය වෙත යොමු වී තිබේ.

ඒ අනුව, සිය සෞඛ්‍ය තත්වය යහපත් බවක් දැනුණු බැවින් නිවසේ සිට රාජකාරී කටයුතු වල නිරත වී ඇත.

ගතවූ දින කිහිපය තුල පකිස්ථාන විදේශ අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී එරට අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා හමුවී ඇති අතර, ඉකුත් බදාදා දින කැබිනෙට් මණ්ඩල හමුවකට ද සහභාගී වී ඇත.

එදිනම ඔහු ඇෆ්ගනිස්ථානයේ ඇමරිකානු නියෝජිත සල්මයි ඛලිල්සාඩ් ඉස්ලාමාබාද් හීදී මුණගැසී ඇත.

ඒ ඇෆ්ගනිස්ථානයේ සාමය පසිඳලීමේ ක්‍රියාවලිය පිළිබඳව සාකච්ඡා කිරීමටයි.

මේ වන විට, පකිස්ථානයේ රාජ්‍ය නිලධාරීන් කිහිපදෙනෙකුටම කොරෝනා අසාදනය වී ඇති බවට වාර්තා වේ.

මේ අතර, දුම්රියමාර්ග අමාත්‍ය ශීක් රෂීඩ් සහ පහළ මන්ත්‍රී මණ්ඩලයේ කතානායක අසාද් ඛයිසර් යන මහත්වරුන් ද වෙයි.

පකිස්ථානයේ කොරෝනා වෛරසය අසාදනය වූ පුද්ගලයින් සංඛ්‍යාව 221,896 ලෙස සටහන් වන අතර, මරණ 4,451 වාර්තා වී තිබේ.

දෛනික වශයෙන් නව අසාදන 4,000 පමණ එරටින් වාර්තා වන බව සඳහන් වේ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි