×

ඉන්දියාව සමග සියලු රාජතාන්ත්‍රික සහ වෙළද කටයුතු නවතන්නට පාකිස්ථානය තීරණය කරයි

ඉන්දියාවේ පාකිස්ථාන මහකොමසාරිස්වරයා යළි කැඳවයි


කාශ්මීරය සම්බන්ධව ඉන්දියාව විසින් ගනු ලැබූ තීරණ සහ ඉන්දියාවේ ක්‍රියාකලාපයට හෙළා දකිමින් ඉන්දියාව සමග මේ වන විට පවතින සියලු වෙළද හා රාජතන්ත්‍රික සම්බන්ධතා නැවැත්වීමට තමන් තීරණය කළ බව පකිස්ථානය පවසයි.

ඒ අනුව ඉන්දියාවේ සිටින පකිස්ථාන මහ කොමසාරිස් වරයාද ඉන්දියාවෙන් ඉවත් කෙරෙනු ඇත. ඉන්දීය රජයේ තීරණයෙන් පසු පාකිස්ථාන අගමැති ඉම්රාන් කාන් ගේ මූලිකත්වයෙන් පැවති ජාතික ආරක්ෂක කමිටුව විසින් ගත් තීරණ අනුව මෙවැනි පියවර ගන්නා බව පාකිස්ථාන විදේශ අමාත්‍යවරයා විසින් ප්‍රකාශයක් නිකුත් කරන ලදී.

මෙම කමිටුවේදී අගමැති ඉම්රාන් කාන් ප්‍රකාශ කර සිටියේ ඉනිද්යාව සමග වන ද්වීපාර්ශ්වික සම්බන්ධතා පිළිබදව තව දුරටත් නිරීක්ෂණය කරන බවත් මෙම ඉන්දියාවේ මෙම හැසිරීම සම්බන්ධව සිය අදහස් එක්සත් ජාතීන්ගේ සංවිධානය වෙත මෙන්ම එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය වෙත ගෙන යාමට තමන් සූදානම් බවයි.

පසුගිය අගහරුවාදා ඉන්දීය පාර්ලිමේන්තුව කාශ්මීරයට ලබා දී තිබූ ස්වයංපාලන බලතල අහිමි කරමින් සිය පාලනය යටතට ගන්නා ලදී.
මේ සම්බන්ධව සිය අදහස් පවසමින් පාකිස්ථාන අගමැතිවරයා පවසා සිටියේ ඉන්දියාවේ මෙම ක්‍රියාකලාපය නීතිවිරෝධී බවයි. එමෙන්ම ඔහු පාකිස්ථාන ආරක්ෂක අංශ වලින් ඉල්ලා සිටියේ මේ සම්බන්ධව ගත හැකි උඵරිම ක්‍රියාමාර්ග ගත යුතු බවයි.
ඒත් සමග මෙම මස 14 වන දිනට යෙදෙන පාකිස්ථාන නිදහස් දිනය ”ස්වයං නිර්ණය අයිතිය වෙනුවෙන් සටන් කරන එඩිතර කාශ්මීර වැසියන් වෙනුවෙන් වෙන් කරන බව ඉම්රාන් ඛාන් දන්වා සිටියේය.

පාකිස්ථානයේ මෙම ක්‍රියාකලාපය පිළිබදව තවමත් ඉන්දියාව සිය ප්‍රතිචාරය දක්වා නැත‍



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි