×

පාකිස්ථානය වෙනුවෙන් ආධාර සැපයීමට බයිඩන් ලෝක නායකයන්ගේ සහය අපේක්ෂා කෙරේ

බයිඩන් මේ වසරේ ලෝකයේ මානුෂීය අර්බුද සහ ආහාර සුරක්ෂිතතාව සඳහා ඩොලර් බිලියන 2.9 ක අරමුදලක් ප්‍රකාශයට පත් කිරීමට තමන් සූදානම් බවයි.


අධික වර්ෂාපතනය ග්ලැසිරයන්ගේ දියවීම හේතුවෙන් ඇති වූ ව්‍යසනකාරී ගංවතුරෙන් පාකිස්ථානයේ මිය ගිය සංඛ්‍යාව 1600 ඉක්මවා ඇත. ජලයෙන් ඇති වූ බෝ නොවන රෝග හේතුවෙන් මිය ගිය සංඛ්‍යාව 300කි. ඒ අනුව පාකිස්ථානයේ මිලියන 22ක ජනතාවක් දරුණුතම මානුෂීය අර්බුදයට මුහුණ දෙමින් සිටියි. පසුගියදා පාකිස්ථානයේ අගමැති Shehbaz Sharifව්‍යසනයට එරෙහිව සටන් කිරීමට රටට උදව් කරන ලෙස ලෝකයෙන් ඉල්ලා සිටින්නට විය.


මේ සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ වාර්ෂික රැස්වීමට සහභාගී වූ ඇමරිකානු ජනාධිපති සිය රට වෙනුවෙන් උදව් ඉල්ලූ පාකිස්ථානු අගමැතිවරයාාට සිය ස්තූතිය ප්‍රකාශ කරන්නට විය. එමෙන්ම සමුළුවේදී බයිඩන් වැඩිදුරටත් කියා සිටියේ මේ වසර සඳහා ලෝකයේ මානුෂීය අර්බුද සහ ආහාර සුරක්ෂිතතාව සඳහා ඩොලර් බිලියන 2.9 ක අරමුදලක් ප්‍රකාශයට පත් කිරීමට තමන් සූදානම් බවයි. එමෙන්ම පාකිස්ථානය වෙනුවෙන් අවශ්‍ය සහයෝගයද සියලු දෙනාම එක්ව ලබා දිය යුතු බවත් ජනාධිපතිවරයා මෙහිදී ප්‍රකාශ කර ඇත. මේ සම්බන්ධයෙන් පාකිස්ථානු අග්‍රාමාත්‍යවරයා ට්විට්හි ගංවතුරින් විපතට පත් වූවන් වෙනුවෙන් ඉදිරිපත් වූ එක්සත් ජනපදයේ ජනාධිපතිට සිය ස්තූතිය ප්‍රකාශ කර තිබිණි.

පාකිස්ථානය ව්‍යසනකාරී ගංවතුර හේතුවෙන් මේ වන විටත් මූල්‍ය අර්බුදයක් යටතේ පීඩා විඳිමින් සිටින අතර, ගංවතුර හේතුවෙන් සිදු වූ මුළු පාඩුව ඩොලර් බිලියන 30ක් ලෙස තක්සේරු කර ඇත.

මෙම මස මුලදී පකිස්ථානයට ගිය එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් පකිස්ථානයට උපකාර කිරීම සඳහා ණය අඩු කිරීමේ යාන්ත්‍රණයන් සලකා බලන ලෙස ගෝලීය නායකයින්ගෙන් ඉල්ලා සිටියේය. ඔහු මෙහිදී සඳහන් කරනු ලැබුවේ ණය බරින් ගිලී සිටින ජීවිත හා ජීවනෝපායන් බේරාගත යුතු බවයි. දෙසැම්බර් මාසය වන විට පාකිස්තානයට ඩොලර් බිලියන 1ක ජාත්‍යන්තර බැඳුම්කර ගෙවීමට සිදුවන අතර මෙම සතිය මුලදී එහි මුදල් අමාත්‍යවරයා පැවසුවේ ගෙවීම සම්පූර්ණයෙන්ම සපුරාලිය හැකි බවයි.

ඉස්ලාමාබාද්හි පැවැති සාකච්ජාවකදී එක්සත් ජාතීන්ගේ නේවාසික සහ පකිස්ථානයේ මානුෂීය සම්බන්ධීකාරක ජූලියන් හාර්නීස් පැවසුවේ සෞඛ්‍ය, පෝෂණය සහ ජලය පාකිස්ථානයේ තීරණාත්මක ව්‍යසනයන් වන බවයි. එක්සත් ජාතීන්ගේ සංවිධානය රටට උපකාර කිරීම සඳහා ඩොලර් මිලියන 160 ක මූලික අභියාචනය සංශෝධනය කිරීමට මේ වන විට කටයුතු කරමින් සිටින බවයි.
එක්සත් ජාතීන්ගේ සරණාගතයින් පිළිබඳ මහ කොමසාරිස්වරිය නියෝජනය කරන හොලිවුඩ් නිළි සහ ක්‍රියාකාරිනියක වන ඇන්ජලිනා ජොලී ද මෙම සතිය තුළ පාකිස්ථානයේ සංචාරය කළ අතර ඇය මෙහිදී ප්‍රකාශ කර තිබුණේ මෙවැනි තත්වයක් තමා කිසිදා දැක නැති බවයි.

මේ වන විට පාකිස්ථානයේ අග්‍රාමාත්‍යවරයා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ වාර්ෂික රැස්වීමට සහභාගී වීමට නිව්යෝක් වෙත ගොස් සිටින අතර ගංවතුරෙන් පසු ඇති වූ ප්‍රතිවිපාක ගැන සාකච්ඡා කිරීමට ඔහු අද දිනයේ සැසිවාරය ඇමතීමට නියමිත බව වාර්තා වේ.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි