×

පාකිස්ථානය ඉන්දීය ගුවන් ප්‍රහාරක යානා දෙකක් බිම හෙළයි.

ඊයේ ආරම්භ කළ ඉන්දීය ගුවන් ප්‍රහාර සම්බන්ධව පාකිස්ථාන සිවිල් වැසියෝ සිය විරුද්ධත්වය ප්‍රකාශ කරමින් විරෝධතා දියත් කළහ.


පාකිස්ථානය විසින් ඉන්දීය ගුවන් ප්‍රහාරක යානා දෙකක් වෙඩි තබා බිම හෙළා ඇති බවට එරට ආරක්ෂක අංශ විසින් ප්‍රකාශයට පත් කරන ලදී, ඔවුන් තවදුරටත් පැවසුවේ ගුවන් යානාවල ගුවන් නියමුවන් තමන් විසින් ජීවග්‍රහණයෙන් අත් අඩංගුවට ගත් බවයි.

උත්සන්න වෙමින් පවතින පාකිස්තානය හා ඉන්දියාව අතර ගැටුම් වල ප්‍රතිඵලයක් ලෙස ඊයේ ඉන්දියාව විසින් පාකිස්ථාන දේශ සීමාව තුළ කාශ්මීර කැරළි කරුවන් වෙත ප්‍රහාර එල්ල කළ අතර එහිදී කැරළි කරුවන් මිය ගිය බව ඉන්දීය ආරක්ෂක හමුදාව විසින් ප්‍රකාශ කළහ.
නමුත් අද වන විට පාකිස්ථානය විසින් චෝදනා කර සිටියේ ඉන්දීය ගුවන් ප්‍රහාර වලින් සිවිල් වැසියන්ද මිය ගොස් ඇති බවයි.
ඊයේ ආරම්භ කළ ඉන්දීය ගුවන් ප්‍රහාර සම්බන්ධව පාකිස්ථාන සිවිල් වැසියෝ සිය විරුද්ධත්වය ප්‍රකාශ කරමින් විරෝධතා දියත් කළහ.

දෙරට අතර උත්සන්න වන ගැටුම් සම්බන්ධව එක්සත් ජාතීන්ගේ සංවිධානය මේ වන විටත් සිය අවධානය යොමු කරමින් සිටින අතර හටගෙන ඇති වාතාවරණය සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු කර ඇති බව ජගත් මහ ලේකම් ඇන්තෝනියෝ ගුටේරස් ප‍්‍රකාශ කරන ලදී



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි