×

වහාම මැතිවරණයක් ඉල්ලා ඉම්රාන් ඛාන් පා ගමනේ

පාකිස්ථානයේ මැතිවරණ කොමිසම විසින් පසුගිය දා අගමැතිකම අනිසි ලෙස භාවිතා කරමින් විදේශ සංචාරවලදී ලැබුණු සහ පකිස්ථාන රුපියල් මිලියන 140 කට (ඩොලර් 635,000) රාජ්‍ය සන්තකයේ ත්‍යාග මිලදී ගැනීමට සහ විකිණීමට ඇති බවට චෝදනා වලින් ඉම්රාන් ඛාන් වැරදිකරු බවට පත්කර මන්ත්‍රී ධුරයෙන් ඉවත් කර තිබේ.


කඩිනමින් මැතිවරණයක් පැවැත්වීම අපේක්ෂාවෙන් නැගෙනහිර ලාහෝර් නගරයේ සිට අගනුවර දක්වා සිය ආධාරකරුවන් සමඟ විරෝධතා පා ගමනක් ආරම්භ කරන බව පාකිස්තානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන් පවසා තිබේ.


පාකිස්ථානයේ මැතිවරණ කොමිසම විසින් පසුගිය දා අගමැතිකම අනිසි ලෙස භාවිතා කරමින් විදේශ සංචාරවලදී ලැබුණු සහ පකිස්ථාන රුපියල් මිලියන 140 කට (ඩොලර් 635,000) රාජ්‍ය සන්තකයේ ත්‍යාග මිලදී ගැනීමට සහ විකිණීමට ඇති බවට චෝදනා වලින් ඉම්රාන් ඛාන් වැරදිකරු බවට පත්කර මන්ත්‍රී ධුරයෙන් ඉවත් කර තිබේ.

ඊට විරෝධය පල කරමින් ඔහුගේ ආධාරකරුවන් විසින් වීදි විරෝධතා කිහිපයක් සංවිධානය කර තිබූ අතර හෙට දිනයේ පැවැත්වීමට අපේක්ෂිත පා ගමන ඉතිහාසයේ දිගුම පා ගමන වනු ඇත.


ආණ්ඩුව මේ වන විටත් පෙලපාලිකරුවන්ට ඉස්ලාමාබාද් ඇතුළුවීම තහනම් බව නිවේදනය කර ඇති අතර අගනුවර ආරක්ෂාව වෙනුවෙන් 30,000 පමණ බට හමුදාවක් යොදවා ඇත.


පසුගිය අප්‍රේල් මාසයේ විශ්වාස භංගයකින් ඛාන් ධූරයෙන් පහ කිරීමත් සමඟ ඔහු හදිසි මැතිවරණයක් ඉල්ලා රට පුරා විරෝධතා පවත්වා ඇත. මැතිවරණය නියමිත පරිදි ලබන වසරේ ඔක්තෝබර් හෝ නොවැම්බර් මාසයේදී පවත්වන බවට මේ වන විටත් රජය පවසා තිබේ.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි