×

පැරීසියේ නිරුවත් අවන්හල වසා දැමේ.

ඔවුන් පවසන්නේ නිරුවත් බව යනු නිදහස යන්නට සමාන වචනයක් වන බවයි.


පැරීසියේ නිරුවත් අවන්හල හෙවක් ඕ නැචුරල් අවන්හල ආරම්භ කර මාස 15 ඇතුළත එය වසා දමන්නට සිදුව ඇත.

ඒ එම අවන්හල සදහා ප්‍රමාණවත් පාරි‍භොගිකයන්න සංඛ්‍යාවක් නොසිටීම හේතුවෙනි.

gastronomy හෙවත් ස්වාදු භොජන කලාව (මැනවින් ආහාර තෝරා ගැනීම, පිසීම, සහ ආහාරයට ගැනීම) නිරුවත්ව සිදුකිරීමට අවස්ථාව ලබා දෙමින් 2017 වසරේදී මෙම නිරුවත් අවන්හල විවෘත කරන ලදී.


ස්ටෙෆනි සාදා සහ ඔහුගේ නිවුන් සහෝදරයා විසින් ඕ නැචුරල් නමින් ආරම්භ කළ මෙම අවන්හල ආරම්භයේදී ඉතා සාර්ථක අන්දමින් පවත්වාගෙන යන්නට ඔවුන්ට හැකි විය.
විවිධ පාරිභොගිකයින් වෙතින් අවන්හල පිළිබදව විවේචනාත්මක අදහස් ඒල්ලවීම අවන්හල වසා තැබීම වඩාත් වේගවත් කිරීමට හේතු වූ බව හිමිකාරීත්වය විසින් පවසා ඇත. එහි අසුන් වල හිද ගැනීම පවා අපහසුයි. ඒ නිවුයෝර්ක් හි පාරිභෝගිකයෙක් විසින් දැක්වූ අදහසකි. පැරීසියේ දී නිරුවත්ව පිහිනීම , කෞතුකාගාරය නැරඹීම ක්‍රීඩා කිරීම ආදී අත්දැකීම් සදහා පුද්ගලයින් වෙත අවස්ථාව ලබා දී තිබුණද ඕ නැචුරල්ස් ආරම්භ කරන තෙක් නිරුවත්ව ආහාර ගැනීමට ස්ථානයක් පාරිභෝගිකයන් වෙත උදා වී නොතිබිණ.

එහි ඇතුල්වීමේදී පාරිභොගිකයන් හට නීති මාලාවක් පැවතුන අතර ඇතුල් වීමට පෙර සිය ඇදුම්ද ඇතුලුව දුරකථන කැමරා ආදී උපකරණ සියල්ලක්ම ආරක්ෂිතව ආයතනය වෙත භාර දිය යුතුවිය ඒ පාරිභොගිකයන්ගේ නිරුවත් ඡායාරූප අන්තර්ජාලයේ හුවමාරු වීම හෝ තවත් අයෙක් අතට පත්වීම නවතාලීම සදහාය.

2017 වසරේදී ප්‍රංශයේ Bois de Vincennes පාර්ක්හීදී නිරුවත් පුද්ගලයින් වෙනුවෙන් නග්න කලාපයක් හදුන්වාදෙන ලදී. ප්‍රංශය තුළ නිරුවත්ව සිටීමට කැමැත්තක් දක්වන්නන් මිගියන 2.6ක් පමණ සිටීන බවට ගණන් බලා ඇත.

A group of naturist people take part in a hike along the Aiguillon riverbed on July 26, 2012 near Lussan, eastern France. Tired of staying in nudist camps, some naturists go hiking as another experience to be at one with nature. AFP PHOTO/PHILIPPE DESMAZES / AFP PHOTO / PHILIPPE DESMAZES

මේ වන විට ප්‍රංශය තුළ Naturism හෙවත් ස්වභාවිකව ජීවත්වීමේ කලාව නව ප්‍රවණතාවක් බවට පත්වෙමින් තිබේ. පසුගිය වසර තුනක කාලය තුළ ආරම්භ වී ඇති මෙම ප්‍රවණතාව හේතුවෙන් ඔවුන් පවසන්නේ නිරුවත් බව යනු නිදහස යන්නට සමාන වචනයක් වන බවයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි