×

‘යුක්රේන යුද්ධය පිළිබඳ සාම සාකච්ඡා අරඹන්නේ නම් රුසියානු අවශ්‍යතා පිළිබඳ සලකා බැලිය යුතුයි’ -රුසියානු විදේශ අමාත්‍ය සර්ජි ලැව්රොව්

රුසියානු විදේශ අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කර තිබුණේ, එක්සත් ජනපදයේ ආධිපත්‍යයට එරෙහිව කරනු ලබන අරගලය වෙනුවෙන් රුසියාව නායකත්වය දෙන බවත්, යුක්රේන යුද්ධය යනු එහි එක් කොටසක් බවත්ය.


යුක්රේනය යුද්ධය පිළිබඳ සාම සාකච්ඡා වලදී රුසියානු අවශ්‍යතාවයන් පිළිබඳ සැලකිලිමත් විය යුතු බව රුසියානු විදේශ අමාත්‍ය සර්ජි ලැව්රොව් ඊයේ(07)දිනයේදී අන්කාරා හි ඔහුගේ තුර්කි සහකරු මෙව්ලූට් කැවුසොග්ලු හමුවීමෙන් පසු පැවැති මාධ්‍ය සාකච්ඡාවේදී ප්‍රකාශ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

රුසියානු විදේශ අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කර තිබුණේ, එක්සත් ජනපදයේ ආධිපත්‍යයට එරෙහිව කරනු ලබන අරගලය වෙනුවෙන් රුසියාව නායකත්වය දෙන බවත්, යුක්රේන යුද්ධය යනු එහි එක් කොටසක් බවත්ය.

එමෙන්ම වසරකට වැඩි කාලයක් පුරාවට යුක්රේන යුද්ධය විසඳීම සඳහා කිසිදු රාජ්‍ය තාන්ත්‍රික මැදිහත් වීමක් දක්නට නොලැබෙන බැවින් ප්‍රහාරය දිගටම කරගෙන යාම හැර වෙනත් විකල්පයක් නොමැති බවත් ඔහු මෙහිදී ප්‍රකාශ කර තිබිණ.

එමෙන්ම රුසියානු විදෙස් අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශයක් නිකුත් කරමින් කියා තිබුණේ, රුසියාවේ කෘෂිකාර්මික අපනයනයට ඇති බාධා ඉවත් නොකළහොත් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ තැරැව්කාර ධාන්‍ය ගනුදෙනුව මඟහරින බවයි.

රුසියාව වෙනුවෙන් ඇමරිකාව ප්‍රමුඛ යුරෝපා රටවල් සම්බාධක පනවා ඇතිමුත්, ආහාර සහ පොහොර අපනයනය වෙනුවෙන් පවතින සම්බාධකයන්ට යටත් නොවී ඔවුන් ක්‍රියාත්මක වන අතර, රුසියාව සහ යුක්රේනය ලෝකයේ කෘෂිකාර්මික භාණ්ඩ නිෂ්පාදනය කරන වැදගත්ම නිෂ්පාදකයින් දෙදෙනෙකු වන අතර තිරිඟු, බාර්ලි, බඩ ඉරිඟු, රැප්සීඩ්, රැප්සීඩ් තෙල්, සූරියකාන්ත බීජ සහ සූරියකාන්ත තෙල් වෙළඳපොලේ ප්‍රධාන සැපයුම්කරුවන් වේ. පොහොර වෙළඳපොලේ රුසියාව‌ට ලැබෙන්නේ ප්‍රමුඛ වැදගත්කමකි.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි