×

Pegasus පලස්තීනයට අත දමයි

පලස්තීන ආරක්ෂකයෙකු සහ නීතීඥයෙකු වන සලා හම්මෝරිගේ සහ තවත් පස් දෙනෙකුගේ ජංගම දුරකථන Pegasusනැමති මෘදුකාංගය හරහා මෙසේ හැක් කර තිබේ.


ත්‍රස්තවාදී කණ්ඩායම් බවට මෑතකදී චෝදනා කරන ලද සහ මතභේදයට තුඩු දුන් අන්තවාදි සංවිධාන සඳහා සේවය කරන පලස්තීන මානව හිමිකම් ආරක්ෂකයින් හය දෙනෙකුගේ ජංගම දුරකථන ඊශ්‍රායලය විසින් නවීන ඔත්තු මෘදුකාංග මගින් හැක් කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව පලස්තීන ආරක්ෂකයෙකු සහ නීතීඥයෙකු වන සලා හම්මෝරිගේ සහ තවත් පස් දෙනෙකුගේ ජංගම දුරකථන Pegasusනැමති මෘදුකාංගය හරහා මෙසේ හැක් කර තිබේ.

මෙම මෘදුකාංගය යොදා ගනිමින් විවිධ රටවල මේ මෑතක සිට සිදුවිම් රැසක් වාර්තා විය. මෙම තාක්‍ෂණය මිල දි ගෙන ඇති සෞදි අරාබිය වැනි අත්තනෝමතික පාලන තන්ත්‍රයන් විසින් සිය පාලනයට තර්ජනයක් ලෙස සැලකෙන මාධ්‍යවේදීන් සහ මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිටින්නන්ගේ දුරකතන දත්ත මෙසේ හැක් කර තිබෙනු පසුගියදා අණාවරනය විය.

නමුත් පලස්තීනුවන්ගේ දුරකථන හැක් කිරීමට පිළිබඳව Pegasus මෘදුකාංගය භාවිතා කළ බවට චෝදනාව ඊශ්‍රායල අගමැති කාර්යාලය සහ ආරක්ෂක අමාත්‍යාංශය ප්‍රතික්ෂේප කර තිබේ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි