×

පෙලේ හැමදාම ලෙලේ

Edson Arantes do Nascimento යන දිවට අසීරු නම ඔහුගේ සැබෑ නම වුවත් ලෝකයම ඔහුව දන්නේ පෙලේ යනුවෙන් ය.


ලොව ජනප්‍රියම ක්‍රීඩාව පාපන්දුය.එහිදී විශිෂ්ඨ දස්කම් දක්වන ක්‍රීඩකයෝ දෙවිවරු ලෙස ද,පාපන්දු ආගම් ලෙස ද පාපන්දු ලෝලී හු අදහති.මෙවර ඒ විශ්වීය ආකර්ශණය ලද ක්‍රීඩාවේ චමත්කාරය ගෙවී තවමත් එහි උණුසුම විඳිමින් සිටින ලෝකයට දේව මණ්ඩලයේ ප්‍රධානියාගේ නික්ම යාම දරා ගන්නට සිදු වී ඇත.හේ නමින් පෙලේ ය.

Edson Arantes do Nascimento යන දිවට අසීරු නම ඔහුගේ සැබෑ නම වුවත් ලෝකයම ඔහුව දන්නේ පෙලේ යනුවෙන් ය.ඔහු එඩිසන් වී ඇත්තේ තෝමස් අල්වා එඩිසන්ගේ නම සිහිගන්වනු පිණිසය.නමුත් පසුකලෙක ඔහු පෙලේ වෙද්දී එඩිසන් යන්නට පෙම් බැදි ඔහු ඊට අකමැති ද වී ඇත.නමුත් පෙලේ යනු හෙබ්‍රෙව් භාෂාවේ අරුතෙන් ගත් විට “ආශ්චර්යය” බව දැන ගත් විට ඔහු ද කෙමෙන් ඊට පෙම් බැඳ ඇත.

පෙලේ උපන්නේ පාපන්දු ක්‍රීඩකයෙකුට දාවය.ඩොන්ඩිනෝ යනුවෙන් පාපන්දු ක්‍රීඩාවෙන්ම ඇලුණු පෙලේ මෙන් නමක් ඔහුට ද තිබිණ.නමුත් ඩොන්ඩිනෝගේ පාපන්දු වාසනාව කරා පෙරලී නොගියේය.ඒ නිසා ජීවිතය ගැට ගසා ගන්නට ඔහුට විවිධ කම්කරු රැකියාවල යෙදෙන්නට විය.ඔහුට වාසනාවට ලැබුණේ සෙලෙස්තිනම් අපූරු ගැහැණියගේ දරාගැනීම,ශක්තිය සමඟ ජීවිතය ගැඹුරෙන් දැකීමේ ස්වභාවයන් සපිරි ආදරයත්,අපූරු දරු පැටවුන් තිදෙනෙකුත් පමණි.

Minas Gerais හි Três Corações හී උපත ලබන පෙලේ කුඩා කළ සිටම පාපන්දුවේ මිතුරෙක් විය.එසේම ඔහුත් ඔවුන්ගේ මිතුරනුත් තමන්ට ලැබුණ සමාජ අනන්‍යතාවය හොඳින් විමසිල්ලෙන් පරිහරණය කළේය.ඒ අතර සිරුරුවල නමණීයත්වය සහ රිද්මය සපිරි නර්තනයද ජීවිතයේම කොටසක් වී තාලයට ගලා ගියේය.ක්‍රීඩාවට ලෝලීව මිතුරන් අතරට වැටි ළමා පෙලේ දඩබ්බරයෙකුම නොවුණත් දඟකාරකම්වලින් අනූන එකෙක් විය.ඒ නිසාම සමහර විටෙක අම්මාගේ ඇස් තෙත් විය.ඇය බියටත් විමතියටත් පත් කරන්නට විය.ඒ නිසා පෙලේගේ පාපන්දුව ගැන ආදරයක් නොපෙන් වූයේ පෙලේට ඇති විශාල ආදරය නිසාය.
සෙලෙස්ති කෙරෙහි වූ අප්‍රමාණ ආදරය නිසා ඩොන්ඩිනෝ,තමන්ගේ පුතා ඒ වන විටත් පා තිබූ අපූරු ක්‍රීඩා රටාව සැඟවෙන්නට දී කාලයත් සමඟ එය නොවැළක්විය හැකි ප්‍රවාහයක් වන මට්ටමට ගෙන එන්නට සිහින මැව්වේය.ඒ සඳහා පහසුකම් වෙනුවට තිබුණේ පළතුරු ගෙඩි පාවලින් හැසිරවීමය.තාත්තාගේ සහ පුතාගේ මේ අපූරු හැකියාව රහසේම විඳ ගන්න සෙලෙස්ති,පෙලේගේ දක්ෂතා සපිරි ළමා වියේදි හමුවන්නෙක් දී ගිය තොරතුරු කාඩ් පත සෙමින් ඔහුට කතා කරන්නේය.ඒ පෙලේ ජීවත් වූ මුඩක්කු පේළියෙන් ලොව බිහි වූ විශිෂ්ඨතම පාපන්දු ක්‍රීඩකයාට ලෝකය වෙත ගමන් කරන්නට හැරුණු පළමු දොරටුවය.
ඒ මඟ දිගේ පළමු හැරවුම් ලක්ෂය බවට පත්වන සැන්ටෝස් ක්‍රීඩා සමාජයට එක්වන විට පෙලේට වයස අවුරුදු 15 කි.වයස 16 වන විටම ඔහු වසරක කාලයකට පසු ජාතික කණ්ඩායමේ විය.අවුරුදු 17 වන විට ඔහු ලෝකයම දැන ගන්නේ විශ්මිත පාද සහිත අපූරු ක්‍රීඩකයෙකුගේ සම්ප්‍රාප්තිය සිඳුව ඇතැයි යන පණිවිඩය ද සමඟය.1958 දී බ්‍රසීලය ලෝක සූරයන් කිරීම සඳහා 17 හැවිරිදි පෙලේ පෑ ආශ්චර්යයන් හේතුවෙන්ය.පෙලේ සිය සම්ප්‍රාප්තිය සැමරුවේ ආශ්චර්යය යන නමේ අරුත සැබෑවක් බවට පත් කරමින් රජු යනුවෙන් ප්‍රකාශ වෙන O Rei යන නමද තමාගේ අනන්‍යතාවයට එකතු කර ගනිමින්ය.
පෙලේ බ්‍රසීලයේ නිල ජාතික වස්තුවක් ලෙස නම් කරන්නේ ඔහු 1958,1962 සහ 1970 දී බ්‍රසීලය ලෝක සූරයන් කරන්නට දැරූ වෙහෙස නිසාය.ඔහු ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය අනුව පාපන්දු ලෝකයේ බිහි වූ ශ්‍රේෂ්ඨතමයා ය.එසේම ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව ඔහු නම් කර තිබෙන්නේ සියවසේ ක්‍රීඩකයා ලෙස ය.

ඉතාම අඩු වයසකින් පූර්ණත්වය පත්වීම කුමන විෂයක වුවත් පහසු නැත.පාපන්දුව වැනි ක්‍රීඩාවක එය බෙහෙවින් අසීරුය.වේගය,ශක්තිය,නමණීයත්වය පමණක් නොව සූක්ෂමත්වය ද ඉහළින්ම තිබිය යුතු ක්‍රීඩාවක් වන පාපන්දුවේ අපූර්වත්වය සිය නමට ලියා ගැනීමේදී පෙලේට තිබුණ හැතියාව අද ද සම කරන්නට අපහසු එකකි.පන්දුව පාලනයේදී මෙන්ම අනෙකාව මඟ හැර එය රැඟෙන යාමේදී ද ඔහු දක්වන සූරත්වය අද ද දුලබය.
පෙලේගේ ක්‍රීඩා රටාව ගැන අපට කතා කරන්නට වන්නේ දශක හතකට ආසන්න කාලයක් පසුපසට ගොස් ය.ඒ වන විට තරගයකදී ක්‍රීඩාව කියවා ගන්නට තාක්ෂණික වශයෙන් පැහැදිළි කිරීම් නොතිබි යුගයක්ය.එසේම නිරෝගිකම සුරැකීම වෙනුවෙන් විවිධ මාර්ග විවර වී නොතිබි සමයකය.එවැනි වටපිටාවක පෙලේ නිවැරදිම මොහොත කියවා ගැනීම අතින් සහ ටක්කෙටම සිය ප්‍රතිවාදියා ඒ මොහොතට සාපේක්ෂව කියවා ගැනීම අතින් මෙන්ම නිරෝගිකම සහ ශක්තිය අතින් ද අදට සළකා බැලුවද විශිෂ්ඨය.
ඔහු තනන පුරාවෘත්තයේ ලෝක කුසලානය දිනුවද නොදිනුවද බ්‍රසීලය බහුතරයක් පාපන්දු ලෝලීන්ගේ අංක එකය.එසේම කණ්ඩායම කුමක් වුව අංක 10 යනු කණ්ඩායමක විශිෂ්ඨයාට නමක් වැනිය.මේ සියල්ල ගැන කතා කරන හැම මොහොතකම පෙලේ යනු නිදසුනක් සේ පාපන්දු පවතින තුරුම මතුව ඇසෙනු ඇත.අද ද මෙසී,ම්බාපේ,නේමාර් වැනි විශ්ෂඨයන් අප හඳුනා ගන්නේ පෙලේ ගේ අංකයෙන්ය.
නේමාර් නම් වර්ථමාන බ්‍රසීල පාපන්දු තරුව ඔහුගේ දිවි ගමන කෙළවර වීම සම්බන්ධයෙන් පවසන්නේ ඔහු නැති වී ඇත.එහෙත් ඔහු මායාවක්ව පවතිනු ඇත යනුවෙන්ය.


නේමාර් නිවැරදිය.දක්ෂයාගේ සංසන්දනාත්මක මිම්ම අදටත් පෙලේය.
බ්‍රසීලයේත් පාපන්දුවේත් තත්තවය ඉහළ නැංවූ රජුට ස්තූතියි යනුවෙන් පවසන නේමාර් පාපන්දු යනු පෙලේට පෙර ක්‍රීඩාවක් පමණක් වී තිබූ බව පවසන්නේය.පාපන්දුවේ සියල්ල වෙනස් හැඩයකට,මහා ජනතා ආදරයකට පෙරළු පෙලේ එය අපූරු විනෝස්වාදය ජනිත කරන තැනක් බවට පත් කළ බවත්,කළු මිනිසුන්ට හඩක් දුන් බවත් පවසන නේමාර් පෙලේව හඳුන්වන්නේ සියල්ල වෙනස් කළ රජ්ජුරුවෝ වශයෙන්ය.
නේමාර්ගේ පැරිස් ශාන්ත ජර්මේන් කණ්ඩායමේ සගයා වන කයිලියන් ම්බප්පේ ද පේලේ හඳුන්වන්නේ පෙලේව රජු වශයෙන්ය.ඔහු ද කියන්නේ මේ පුරාවෘත්තය කිසිදා පාපන්දු ලෝකයෙන් මැකී නොයන බවය.
ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝගේ අදහස ද රජු හැමදාම පාපන්දුව සමඟ පවතිනු ඇති බවය.එය මුළු පාපන්දු ලෝකයම වෙලාගත් වේදනාවේ සංඛේතය බව පවසන රොනාල්ඩෝ පාපන්දු ක්‍රීඩාවට ආදරය කරන මිනිසුන්ගේ හදවත්වල පෙලේ සදා ජීවමාන බව පෙන්වා දෙයි.බ්‍රසීලයේ පෙලේට පසු සිටි පාපන්දු තරුවක් වන රොනාල්ඩෝ පවසන්නේ අද්වීතීය ප්‍රතිභාව,නිර්මාණශීලීත්වය,තාක්ෂණය අතින් පරිපූර්ණ සහ අසමසම පෙලේ රජු නික්ම ගොස් නැති බවය.ඔහු නැවතී ඇත,ඒ මතකය අප සමඟ සදා රැඳෙනු ඇති බවය.
තමන්ගේ හදවත පෙලේ නික්ම යාම ගැන ඇසූ විට නැවතුණු බව පවසන ලෝක පාපන්දු සම්මේලන සභාපති ජියානි ඉන්ෆැන්ටිනෝ ඔහුට සිය ක්‍රීඩා රටාවෙන් ප්‍රේක්ෂකයන් ආකර්ශණය කර ගැනීම සඳහා තිබූ හැකියාව චුම්බක බලයක් සේ හඳුන්වන්නේය.ලෝකයම නතර කර සිය වියෝවෙන් තැවෙන්නට තරම් හිත් නිර්මාණය කළ පෙලේ, සෑම කාලයකම ශ්‍රේෂ්ඨතම පාපන්දු ක්‍රීඩකයා බව ද පාපන්දු සභාපතිවරයා අවධාරණය කරයි.
සියල්ල සැබවින්ම නැවතී ඇත.ලෝකයේ ක්‍රීඩාවක් ලෙස මිනිස්සුන්ට වැඩිම හෘදයාංගම උන්මාදයක් ඇති කරපු ක්‍රීඩාව පාපන්දු ය.එහි රජු පෙලේ ය.ඔහු නිර්මාණය කළ ශ්‍රේෂ්ඨත්වය ඉක්මවා යන මිනිසුන් ගැන සොය්න්නට කිසිවෙක් වෙහෙස නොවන තරමට අසමමස පරිපූර්ණ පාපන්දු ක්‍රීඩකයා සේ පාපන්දු ලෝකයේ රජු සමඟ සසදනු මිස ඉක්මවා ගිය අයෙක් නැත.ඒ ඒ තරමටම ඔහු සදාකාලික දක්ෂයෙක් බැවිනි.
හෙටත්,තව සියවසක ඉදිරියටත් කප පවතින තුරුත් නමක් හැටියට පෙලේ යනු ඉහළින්ම ලෙලදෙන නමක් වනු ඇත.ඔහු පාපන්දුවට සමාන තවත් නමකි.1995 සිට 1999 තෙක් අතිවිශේෂ ක්‍රීඩා අමාත්‍ය ධූරයක බ්‍රසීලය වෙනුවෙන් කටයුතු කළ පෙලේ බොහෝ දක්ෂයන් දේශපාලනයේදී අවලංගු චරිත වි ක්‍රීඩාව විසින් උපයාගත් කීර්තිය ද පළුඳු කර ගන්නා නමුදු පෙලේ 95 අමාත්‍ය ධූරයට එන්නට පෙර 94 දී ලෝක සූරයෝ වූ බ්‍රසීලය 98 දී අනු සූරයන් වී නැවත 2002 දී සූරයන් වෙන්නේය.එසේම කළු පාට නමට ගා නොගත් පෙලේනම් අමාත්‍යවරයා තමන්ට එරෙහි දේශපාලන ප්‍රතිවාදීන් මඟ හැර සිය ඉලක්කයට ගමන් කරන්නට කාර්යශූර සහ සූක්ෂම පුද්ගලයෙක් වූවේ පෙලේව වට කර එලන දැල බිඳ පන්දුව ගෝලයක් කරා එල්ල කරන්නට ඔහු පෙන්වූ හැකියාව විලසමය.

නිශ්මං රණසිංහ



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි