×

හිටපු චීන උප අගමැතිට ස්ත්‍රී දූෂණ චෝදනා කළ දා පටන් අතුරුදන්වූ පෙන් ෂවුයි පිළිබදව ලොවම කැළඹෙයි!

පෙන් ෂවුයි සම්බන්ධව ටෙනිස් ලොවම කැළඹී ඇති අතර #WhereIsPengShuai ඔස්සේ බොහෝ ප්‍රකට ටෙනිස් තාරකාවන් පෙන් ෂවුයි පිළිබදව කනස්සල්ල ප්‍රකාශ කර ඇති අතර ඔවුන් සියලු දෙනා ඉල්ලා සිටින්නේ ඇයට සාධාරණය ඉටුකරන ලෙසය.


හිටපු චීන උප අග්‍රාමාත්‍ය ෂැ​න් ගැඕලි වෙතින් ලිංගික අපහරණයට ලක්වූ බවට චෝදනා කිරීමෙන් පසු හිටපු චීන ටෙනිස් ලෝක ශූරිය පෙන් ෂුවායි පිළිබඳ තොරතුරක් නොමැතිවීම පිළිබඳ මේවන විට මුළු ලොවම කැළඹී ඇත.

35 හැවිරිදි පෙන් ෂුවායි, ග්‍රෑන්ඩ් ස්ලෑම් ටෙනිස් ශූරතා දෙකක් ජයග්‍රහණය කර ඇති අතර, යුගල ටෙනිස් තරගවල ලොව අංක එකේ ක්‍රීඩිකාව ලෙස ප්‍රසිද්ධය. විම්බල්ඩන් සහ ප්‍රංශ විවෘත ටෙනිස් ශූරතාවලි යුගල අංශයෙන් ජයග්‍රහණය කළ ඇය, 2014 ඇමරිකානු විවෘත තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබාගෙන ඇත. නමුත් ඇය 2020 වසරෙන් පසු ජාත්‍යන්තර තරගවලට සහභාගි වී නොමැත.

දැනට 75 වන වියේ පසුවන හිටපු චීන උප අග්‍රාමාත්‍ය ෂැ​න් ගැඕලි තමා බලහත්කාරයෙන් ලිංගික සබඳතාවලට යොදාගත් බවට චීන ටෙනිස් ලෝක ශූරිය පෙන් ෂුවායි හෙළිදරව් කළේ වෙයිබෝ චීන සමාජ මාධ්‍ය ඔස්සේයි. කෙසේ නමුත් චීන රජයේ අන්තර්ජාල මෙහෙයවන්නන් එය කඩිනමින් ඉවත් කළ අතර, ඉන් පසු පෙන් ෂුවායි පිළිබඳ කිසිදු සඳහනක් චීන සමාජ මාධ්‍යවල දක්නට නොලැබුණි.

බොහෝදනාගේ මතය වූයේ ඇය උප අග්‍රාමාත්‍යවරටාට චෝදනා එල්ල කිරීමෙන් පසුව අතුරුදන් වූ බවයි.

නමුත් මේ වන විට චීන රාජ්‍ය මාධ්‍යයක් වන CGTN මගින් ඇය විසින් ලියු බවට සදහන් ඉංග්‍රිසි බසින් රචිත ඊමේල් සටහනක් මාධ්‍ය වෙත මුදාහැර ඇත. “ලිංගික අතවර චෝදනාව ඇතුළු එම නිවේදනයේ සඳහන් පුවත් සත්‍ය නොවේ. මම අතුරුදහන් වී නැත, මම අනාරක්ෂිත ද නොවේ. මම දැන් ගෙදර විවේක ගන්නවා, සියල්ල හොඳින්.” එහි සඳහන් වේ.

කෙසේ වෙතත් ලෝක කාන්තා ටෙනිස් සංගමයේ (WTA) ප්‍රධානී ස්ටීව් සයිමන් පවසා සිටින්නේ පෙන්ග් විසින්ම ඊමේල් පණිවුඩය ලියා ඇති බව තමාට විශ්වාස කිරීමට අපහසු බවත් එය ‘ඇයගේ ආරක්ෂාව ගැන සැකය තව වැඩි කරන බවයි. සයිමන් පැවසුවේ සති දෙකකට පෙර චීන සමාජ මාධ්‍ය හරහා තමාව ලිංගිකව හැසිරීමට බල කළ බවට 75 හැවිරිදි හිටපු අගමැතිවරයාට චෝදනා කළ දා සිට කිසිවෙකු පෙන් සමඟ සෘජුව සම්බන්ධ වී නොමැති බවයි.

පෙන් ෂවුයි සම්බන්ධව ටෙනිස් ලොවම කැළඹී ඇති අතර #WhereIsPengShuai ඔස්සේ බොහෝ ප්‍රකට ටෙනිස් තාරකාවන් ඇය පිළිබදව කනස්සල්ල ප්‍රකාශ කර ඇති අතර ඔවුන් සියලු දෙනා ඉල්ලා සිටින්නේ ඇයට සාධාරණය ඉටුකරන ලෙසය. මේ නිසා ඇය පිළිබඳව මෙන්ම ඇය එල්ල කරන චෝදනා පිළිබඳව විමර්ශනය කළ යුතු බවයි ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතා 23 ක් ජයග්‍රහණය කළ ඇමරිකානු ටෙනිස් ශූරී ෂෙරීනා විලියම්ස් ප්‍රකාශ කළේ. පෙන් ෂුවායිගේ ආරක්ෂාව පිළිබඳව ලෝක ටෙනිස් ශූර නොවැක් ජොකොවිච් මෙන්ම ජපානයේ නයෝමි ඔසාකා ඇතුලු ටෙනිස් ලෝකයේ ප්‍රකට ක්‍රීඩක ක්‍රීඩිකාවන් කනස්සල්ල පළ කර තිබේ.

 

 

පෙර පුව​ත්

චීන ටෙනිස් තරුව Peng Shuaiගෙන් ලිංගික බලපෑම් චෝදනා

 



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි