×

අයිඑස්අයිඑස් කල්ලින්ගෙන් සිරියාව රැකගැනීමට පෙන්ටගනයෙන් සැලසුම්!

එකී සැලැස්ම තුළින් සිරියාවේ මූලික ඉලක්ක සපුරාලීමට හැකි වනු ඇති බවට ලින්ඩ්සේ ග්‍රැහැම් ප්‍රකාශ කරන ලදී.


ඉස්ලාමීය රාජ්‍ය (Islamic State) සන්නද්ධ කල්ලීන් සිරියානු භූමියට ඇතුළු වීම වැළැක්වීම සඳහා ඇමරිකා එක්සත් ජනපද ඒකාබද්ධ හමුදා නායකයින් සැලසුම් සකස් කරමින් සිටින බවට වාර්තා වේ.

මීට අමතරව, සිරියාවේ තෙල් සංචිත ඉරානය හෝ අයිඑස් සන්නද්ධ කල්ලීන් විසින් අත්පත් කරගැනීම වැළැක්වීම සඳහා ද එකී සැලසුම් ක්‍රියාත්මක වෙමින් පවතින බවට වාර්තා වේ.

සිරියාවේ වත්මන් තත්ත්වය තුළ මෙකී සහය පළකිරීම පිළිබඳ අදහස් දක්වා සිටියේ රිපබ්ලිකන් පාක්ෂික සෙනට් සභික ලින්ඩ්සේ ග්‍රැහැම් විසිනි.

“සිරියාවේ වත්මන් තත්ත්වය සඳහා අප ඒකාබන්ධ හමුදා ප්‍රධානීන් ගේ සැලැස්මක් තිබේ, එය ක්‍රියාත්මක වනු ඇතැයි මම විශ්වාස කරමි, එමඟින් අයිඑස්අයිඑස් සන්නද්ධ කල්ලීන් නැවත සිරියානු භූමියට පැමිණීම වැළැක්වීමට අවශ්‍ය දේ අපට ලබා දිය හැකියි. සිරියාවේ තෙල් ඉරානය, අයිඑස්අයිඑස් ලබා ගැනීම වළක්වාලිය හැකියි,” ග්‍රැහැම් මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබේ.

එකී සැලැස්ම තුළින් සිරියාවේ වත්මන් තත්ත්වය තුළ ළඟාකර ගත යුතු මූලික ඉලක්ක සපුරාලීමට හැකි වනු ඇති බවට තමා යම් විශ්වාසයකින් පසුවන බවද ග්‍රැහැම් වැඩිදුරටත් පවසා තිබේ. 



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි