එක්සත් ජනපද ආරක්ෂක ලේකම් මාර්ක් එස්පර් ඊයේ (07) දින විශේෂ ප්‍රකාශයක් සිදු කොට තිබේ.
එයින් කියවූයේ ඉරානයේ සංස්කෘතික ස්ථාන වෙත පහර දී සන්නද්ධ ගැටුම් නීති උල්ලංඝනය කිරීමට ඇමරිකාව කටයුතු නොකරන බවයි.
පසුගිය දින ඇමරිකානු ජනපති ඉරානයේ සංස්කෘතික වටිනාකමක් ඇති ස්ථාන වලට ප්‍රහාර එල්ල කරන බව හැඟවෙන අන්දමේ නීච ප්‍රකාශයක් සිදුකොට තිබිණි.
Iran is talking very boldly about targeting certain USA assets as revenge for our ridding the world of their terrorist leader who had just killed an American, & badly wounded many others, not to mention all of the people he had killed over his lifetime, including recently….
— Donald J. Trump (@realDonaldTrump) January 4, 2020
….hundreds of Iranian protesters. He was already attacking our Embassy, and preparing for additional hits in other locations. Iran has been nothing but problems for many years. Let this serve as a WARNING that if Iran strikes any Americans, or American assets, we have…..
— Donald J. Trump (@realDonaldTrump) January 4, 2020
….targeted 52 Iranian sites (representing the 52 American hostages taken by Iran many years ago), some at a very high level & important to Iran & the Iranian culture, and those targets, and Iran itself, WILL BE HIT VERY FAST AND VERY HARD. The USA wants no more threats!
— Donald J. Trump (@realDonaldTrump) January 4, 2020
ඉරානයේ කූඩ්ස් බලකා නායක සොලෙයිමානි ඝාතනයට ලක්කිරීමත් සමඟ ඩොනල්ඩ් ට්‍රම්ප් ඉදිමී ඇති ස්වරූපයක් දක්නට ලැබේ.
ඒ අනුව, ඉරානයේ සංස්කෘතික ස්ථාන වලට සැබවින්ම ප්‍රහාර එල්ල කරන්නේ දැයි මාධ්‍යවේදීන් නැඟූ පැණයට පිළිතුරු සපයමින් එස්පර් ප්‍රකාශ කර තිබෙනනේ සන්නද්ධ අරගල සම්බන්ධ නීති උල්ලංඝනය කිරීමට ඇමරිකාව කටයුතු නොකරන බවයි.
ජාත්‍යන්තර නීතියට අනුව යුධමය තත්ත්වයකදී සංස්කෘතික සංදිස්ථාන ඉලක්ක කොට පහර දීම යුධ අපරාධ ගණයට වැටේ.
කෙසේ වෙතත්, එස්පර් ගේ ප්‍රකාශය තුළ මේ පිළිබඳ වැඩිදුර පැහැදිලි කිරීමක් දක්නට නොවිණි.
ජාත්‍යන්තර නීතිය හමුවේ අපරාධයක් ලෙස සලකන සංස්කෘතික සංදිස්ථාන විනාශ කිරීම ට්‍රම්ප් පරිපාලනය විසින් 2017 වර්ෂයේදී සහය පළ කරන ලද එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩල යෝජනාවකට ද ඇතුලත් ය.
1954 දී ස්ථාපිත හේග් සම්මුතියේ ද මේ පිළිබඳ අවධාරණය කෙරේ.
ඒ අනුව බලන කල, ට්‍රම්ප් ගේ කට වාචාල කමට ඔහුගේ හැසිරීම පිළිබඳ ඔහුටම අවබෝධයක් නොමැති බව පසක් වේ.
පසු ගිය දින ඉරාන කූඩ්ස් නායක කසිම් සොලෙයිමානි ඝාතනයට ලක් කිරීම හමුවේ එක්සත් ජනපදය හා ඉරානය අතර ගැටුම්කාරී තත්ත්වය හිනි පෙත්තට නැංවීමට සමත් විය.
වොෂිංටනය පවසා සිටියේ ඉරානයේ ඇමරිකාවට එරෙහි කඩාකප්පල්කාරී ක්‍රියා වැළැක්වීමට හා ආරක්ෂාව පතා එම ප්‍රහාරය දියත් කළ බවයි.