×

කාශ්මීරය පිළිබද හදිසි නඩුවිභාගයක් ඉල්ලා කළ අභියාචනය ඉන්දීය අධිකරණය ඉවතලයි

.


කාශ්මීරය පිළිබදව ඉන්දීය පාර්ලිමේන්තුව විසින් ගන්නා ලද තීරණය ට එරෙහිව එරට අධිකරණය වෙත ඉදිරිපත් කළ අභියාචනය පිළිබදව හදිසි නඩුවිභාගයක් පැවැත්වීම එරට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රතික්ෂේප කරන ලදී,

මෙම අභියාචනය ගොනු කරන ලද නිතීඥ එම් එල් ෂර්මා ඒ පිළිබදව නඩු විභාගය මෙම මස 12 හෝ 13 පවත්වන ලෙස ඉල්ලා සිටියද අධිකරණය විසින් එය ප්‍රතික්ෂේප කරමින් පැවසුවේ එය අදාල මූලික පියවරයන් පසු කළ යුතු බවයි.

කාශ්මීඍයට ස්වයංපාලන බලතල හිමි කර දී තිබූ ඉන්දීය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 370 වගන්තිය පසුගියදා එරට පාලක පක්ෂයේ මූලිකත්වයෙන් අත්හිටුවන ලදී,
ඒත් සමග ජම්මු කාශ්මීරයේ ජනතාව වෙත සන්නිවේදන පහසුකම් අවහිර කිරීමට ඉන්දීය රජය පියවර ගැනීම සම්බන්ධවද මෙම අභියාචනයේ සදහන් කර තිබිණි.

ඇති වී ඇති තත්ත්වය සම්බන්ධව සහ ඉන්දීය රජයේ තීරණය සම්බන්ධය මුල්ම වතාවට ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි විසින් ප්‍රකාශයක් නිකුත් කර ඇත.

ඔහු පවසන්නේ මෙම තීරණය වෙනස් නොවනු ඇති බවත් ඉන්දියාවේ නිදහස වෙනුවෙන් එසේ කරන්නට සිදු වූ බවත්ය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි