×

ඩෙල්ටා ව්‍යාප්තියත් සමග පිලිපීනයේ වැක්සින් මධ්‍යස්ථාන පැය 24ම විවෘතයි!

ඩෙල්ටා කෝවිඩ් ප්‍රභේදයේ ව්‍යාප්තියත් සමග පිලිපීනයේ වැක්සින් මධ්‍යස්ථාන පැය 24 ම විවෘත කර තැබීමට තීරණය කර ඇත.


මැනිලා අගනුවර සියලු පාසල් මේ වන විට කෝවිඩ් එන්නත්කරණ මධ්‍යස්ථාන බවට පත් කර ඇත. එහිදී ඔවුන්ට පැය 24 තුළම මොඩර්නා (Moderna) එන්නත ලබාගත හැකිය.

මෙම 24/7 වැක්සින් මධ්‍යස්ථාන විවෘත කිරීමට හේතුව පිලිපීනයට වැක්සින්කරණ වේගය වැඩි කර ගැනීමට ඇති උවමනාවයි. මේ දක්වා පිලිපීන ජනගහනයෙන් එන්නත් මාත්‍රා දෙකම ලබාගෙන තිබෙන්නේ 10%ක ප්‍රතිශතයක් පමණි.

මේ වසර අග වන විට මිලියන 70 ක් දෙනා එන්නත්කරණයට ලක් කිරීමට ඔවුහු බලාපාරොත්තු වෙති.

පිලිපීනයේ ආසාදිතයන් මිලියන 1.67 ක් වාර්තා වන අතර, මේ දක්වා රෝගය හේතුවෙන් 29,000 ක් දෙනා මරණයට පත් ව තිබේ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි