×

‘‘එකෙක් කොකේන් ගන්නවා‘‘- ගෙදර යන ඩුටර්ටේ ප්‍රතිවාදීන්ට පහර දීම අරඹයි

මාකෝස්ගේ පුතා, ඩුටර්ටේගේ දියණිය ඇතුළු අපේක්ෂකයන් රැසක් සමග පිලිපීනයේ ජනපති සටන උණුසුම්.


පිිලිපීන ජනපති රොඩ්‍රිගෝ ඩුටර්ටේ පසුගියදා රූපවාහිනිය ඔස්සේ ජනතාව අමතමින් කියා සිටියේ මෙවර ජනපති සටනේ එක් අපේක්ෂකයෙක් කොකේන් භාවිතා කරන බවයි.

‘‘අපිට කොකේන් පාවිච්චි කරන එක්කෙනෙකුත් ඉන්නවා අපේක්ෂකයෙක් විදිහට..‘‘ යැයි මෙහිදී පවසන ඩුටර්ටේ, ඔහුගේ නම හෙළිදරව් කරන්නේ හෝ ඔහුව හඳුනාගත හැකි සාධකයක් ඉදිරිපත් කරන්නේ නැත.

ඒ වෙනුවට ඔහු තවදුරටත් මෙසේ කියයි.

‘‘ඒ මොකද කියල තමයි මම මේ පුදුම වෙලා ඉන්නෙ. මේ මිනිහ මොනවද රටට කරල තියෙන්නෙ? එහෙම තියෙද්දිත්, පිලිපීන ජාතිකයො ඔහුට පිස්සු වැටිල ඉන්නෙ මොකෝ…?“

‘‘මිනිහ දිනන්න ඉඩ තියෙනවා… පිලිපීනයට ඕනෙ නම්.. ඉස්සරහට ගියදෙන්..‘‘ යැයි ද ඔහු පැවසුවේය.

මත්ද්‍රව්‍ය ඩුටර්ටේගේ ජනප්‍රියම මාතෘකාවකි. තවද ඩුටර්ටේගේ සැබෑ ස්වරූපය ලොවට පෙන්වූ බිහිසුණු පරීක්ෂාවකි. ඔහු, මතට ඇබ්බැහිවූවන් සහ වෙළෙන්දන්, දහස් ගණන් දෙනා අමු අමුවේ ඝාතනය කර තිබේ.

ඩුටර්ටේ තව නොබෝ දිනකින් ගෙදර යාමට සූදානම් වන්නේ උපරිම ධුර කාලය හෙවත් වසර 6 නිමා කරමිනි.

පිලිපීනයේ 16 වැනි ජනපතිවරයා වන ඔහුගේ ධුර කාලය 2022 ජූනි 30 න් නිමා වන අතර, ඉන් අනතුරුව ඔහු නැවත ජනපතිවරණයට ඉදිරිපත් නොවන්නේ, පිලිපීන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ජනපතිවරයෙකුගේ උපරිම වාර ගණන 1 කට සීමා ව ඇති නිසා ය.

2022 වසරේ පැවැත්වෙන ජනපතිවරණය සඳහා කැපී පෙනෙන අපේක්ෂකයන් රැසක් මෙවර සහභාගි වේ. ඒ අතර, ලෝක බොක්සිං අයිකනයක් වන මැනී පැකියාවෝ (Manny Pacquiao), උප ජනපති ලෙනී රොබර්ඩෝ (Leni Robredo), මැනිලා පුරපති ෆ්‍රැන්සිස්කෝ ඩොමගෝසෝ (Francisco Domagoso), සෙනෙට් සභික සහ හිටපු පොලිස් ප්‍රධානී පැන්ෆිලෝ ලැස්කන් (Panfilio Lacson), පිලිපීනයේ හිටපු ආඥාදායකයාගේ පුත් ෆර්ඩිනැන්ඩ් මාර්කෝස් ජූනියර් (Ferdinand Marcos Jr.) මෙන්ම ඩුටර්ටේගේ දියණිය වන සාරා ඩුටර්ටේ-කාපියෝ (Sara Duterte-Carpio) ද වෙති.

ෆර්ඩිනැන්ඩ් මාර්කෝස් ජූනියර්

සාරා ඩුටර්ටේ-කාපියෝ

මැනී පැකියාවෝ



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි