සටහන: සශිකලා මධුෂාණි, ජුනි 04,
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පිලිපීනයේ සක්‍රිය ගිනිකන්දක් වශයෙන් සැලකෙන කන්ලෝන් ගිනි කන්ද පුපුරයාම හේතුවෙන් කිලෝමීටර් 5ක් (සැතපුම් තුනක්) පමණ දුරින් අළු කුණාටු අහසට යැවීම හේතුවෙන් ගිනිකන්ද ආසන්නයේ වෙසෙන වැසියන්ට ඉවත්වන ලෙසට පිලිපීනයේ බලධාරීන් අනතුරු අඟවා තිබේ.
ගිනිකන්ද පුපුරයාමත් සමඟ විශාල භුමිකම්පාවක් ඇති ව තිබු අතර අසල කැන්ලෝන් නගරයේ වැඩ සහ පාසල් අත්හිටුවීමට හේතු වූ අතර ගුවන් සමාගම් තුනක් අඟහරුවාදා ගුවන් ගමන් 32 ක් අවලංගු කළේය.
රටේ පිලිපීන ගිනිකඳු හා භූ කම්පන විද්‍යා ආයතනය (PHIVOLCS) X හි අනතුරු ඇඟවීමේ මට්ටමේ ඉහල අගයක් පෙන්නුම් කරමින් තව දුරටත් පිපිරීම් ඇතිවිය හැකි බවට අනතුරු ඇඟවීම් කර තිබු අතර එරට රාජ්‍ය භූ කම්පන විද්‍යා ඒජන්සියේ ප්‍රධානී ටෙරෙසිටෝ බැකෝකෝල් සඳහන් කර තිබුණේ, අනතුරුදායක අළු වැටීම් සහ සල්ෆියුරික් ගන්ධය ඇතුළු තවත් පිපිරීම් ඇතිවීමේ හැකියාව පවතින හෙයින් මුහුමු අවර්ණ පැළඳීම පිළිබඳව සැලකිලිමත් වන ලෙසයි.
ගිනිකන්ද අසල පිහිටි Negros Occidental පළාතේ, 700 කට වැඩි පිරිසක් විශේෂිත ආරක්ෂක ස්ථාන වෙත යොමු කර ඇති අතර ගිනිකන්ද පුපුරා යාමෙන් පසු අතුරුදහන් වූවන්, තුවාල ලැබූවන් හෝ මරණ සම්බන්ධයෙන් රජයේ ආයතන තවමත් වාර්තා කර නොමැත.