×

සරම්ප රෝගය නිසා පිලපීනයේ දරුවන් මිලියන 2.6ක් අනතුරේ.

2018 වසරට සාපේක්ෂව පිලපීනයේ සරම්ප හේතුවෙන් මිය යන ජන සංඛ්‍යාව සියයට 54%කින් වැඩි වී ඇත


මීට පෙර සියළු වසරවලට වඩා මෙම වසරේදී පිලපීන ජාතිකයන් වැඩිම පිරිසක් සරම්ප රෝගය නිසා මිය ගොස් ඇත. මෙම වසර ආරම්භ වී මාස දෙකකට ආසන්න කාලය තුළ පමණක් මිය ගොස් ඇති සංඛ්‍යාව 261 දෙනෙකි.

මිය ගිය පිරිස අතරේ බහුතරයක් දරුවන් වන අතර 2018 වසර පුරා පිලපීනය තුළ මිය ගොස් තිබුණේ 202 කු පමණි. ඒ අනුව පිලපීනයේ සරම්ප හේතුවෙන් මිය යන ජන සංඛ්‍යාව සියයට 54%කින් වැඩි වී ඇති බව ජාත්‍යන්තර රතු කුරුස සංවිධානය පෙන්වා දෙයි.

පිලපීණ රජය මේ වන විටත් දරුවන් එන්නත් කිරීමේවැඩපිළිවලක් ආරම්භ කර ඇති අතර 2014 වසරේ මේ ආකාරයෙන්ම ඩෙංගු රෝගය නිසා පිලපීනයේ බහිතරයක් දෙනා ජීවිතක්ෂයට පත් විය.
එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලට අනුව ලෝකයෝ සරම්ප හේතුවෙන් මිය යන සංඛ්‍යාව 2018 වසරට සාපේක්ෂව සියයට 48.4%කින් ඉහළ ගොස් ඇත.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි