BORDERS MAY DIVIDE US, BUT HOPE WILL UNITE US.
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි.

යනෙන අතර මඟ මලකට පෙම්බැඳ

සවස් යාමයේ ඉර බැස යන්නට මොහොතක් තිබියදී අවට පරිසරයේ ආලෝකය ඉතා මෘදු අවස්ථාවක ලේනුන් අතරින් එක් අයෙක් මලක් දෙසට පිය මැන ඒය තරයේ අල්ලා සිඹිනු දුටුවා.. ''

ඉහත ඡායාරූපය බැලූ බැල්මට අපට සිතෙන්නේ කාටූන් චිත්‍රපටයක කොටසක් වන්නට ඇති බවයි.. ඒය ඒසේ නොවන්නේය . පසුගියදා ලෝකය පුරා කථා බහට ලක් වූ මෙම ඡායාරෑපයේ හිමිකරු නෙදර්ලන්ත ජාතික ඩික් වෑන් ඩුයිජින් ය. ඔහුගේ කාචයට මෙම සුන්දර දසුන හසුවී  තිබුණේ ඔස්ට්‍රියාවේ අග නගරය වියානා හී දීය. ඔහු විසින් අඛණ්ඩව සිය කාචයට රූප පෙළක් හසුකරගනිමින් සිටියදී, හුරු බුහුටි ලේන් පැටවෙකු තමන් යමින් සිටි ගමන නවතා අතර මගදී හමුවූ මලක් සිප ගන්නා අයුරු සටහන් වී තිබේ.

ස්වභාවධර්මය සහ වන ජීවිතය සිය නිර්මාණයන්ගේ ප්‍රදානතම මාතෘකාව කර ගත් මෙම ඡායාරූප ශිල්පියා මේ පිළීබදව සිය අදහස් දක්වමින් පවසා තිබුණේ තමන් ඔස්ට්‍රීයාවේ වියානා නගරයට පැමිණියේ ලේනුන්ගේ ඡායරෑප ගැනීමේ අරමුණින්ම බවයි.

”පළමු දවසේ අපි ඔවුන්ගේ හැසිරීම් අධ්‍යයනය කලා. දෙවන දවසේ මුළු දවස පුරාම අප ඔවුන්ව ඡායාරූප ගත කලා. සවස් යාමයේ ඉර බැස යන්නට මොහොතක් තිබියදී ඒ් කියන්නේ අවට පරිසරයේ ආලෝකය ඉතා මෘදු අවස්ථාවක ලේනුන් අතරින් එක් අයෙක් මලක් දෙසට පිය මැන එය තරයේ අල්ලා සිඹිනු දුටුවා.. ” ඩික් වෑන් ඒසේ සිය අත්දැකීම ගැන පවසයි.

”කැමරා කාචය තුළින් මම මේ සිදුවීම දුටුවා .. මම දැනගෙන හිටියා මේ සුන්දර අවස්ථාව මම ඒ් වන විටත් ඡායාරූපයට හසු කර ගත් බව. මම ජීවිතයේ වඩාත් සතුටු වූ ඡායාරූපයක් ඒය.”

ුඩැක් වැන් ඩුයිජින්ගේ Facebook පිටුවට හා Instagram ගිණුමට මෙම සබැඳි හරහා පිවිසෙන්නට ඔබට හැකිය.

කිසිදු අයුරකින් මලට නොරිදෙන සේ මෘදුව අල්ලා ඒහි සුවද විදින මේ කුඩා ලේන් පැටවාගේ ලෝකයෙහි මිනිස් ඇසට හසු නොවුණ තව කොයිතරම් සුන්දර සිදුවීම් වලින් පිරී තිබිය හැකිද?


වසරේ සමීප ඡායාරූප ශිල්පියා – කාච ඇස දකින අසිරිමත් ලෝකය

”ගසක් සිඹිම්”

ඇමරිකාව ගිනි ගනියි – නගර රැසකට ඇඳිරි නීතිය (ඡායාරූප සටහන)

ඇමරිකාවේ කොවිඩ් මරණ ගණන ලක්ෂයේ සීමාවට ළඟා වෙද්දී නිව්යෝක් ටයිම්ස් මුල් පිටුව මළවුන්ට වෙන් වෙයි!

කොවිඩ් මරණ ගණන ලක්ෂයට ළඟා වෙද්දී ඇමරිකානුවන් සාජ්ජ දමන හැටි!

කොවිඩ් විසින් වෙළාගත් ලෝකය කැමරා ඇසින් (ලොව වටා ඡායාරූප එකතුව)

ලෝකෙ පෙරළුණත් සිනාසෙන ලිහිණියා !

කොරෝනා වසංගතයට පෙර හා පසු ලෝකය (ඡායාරූප)

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!
error: Content is protected !!