×

අපි නැගිටිනවා, බලන් සිටු.. පලස්තීන ජිහාඩ්වාදීන් ගෙන් නිවේදනයක්!

පලස්තීනය තුළ ජිහාඩ්වාදී රාජ්‍යතාන්ත්‍රික වර්ධනයන් සිදුවීමට නියමිත ද?


පලස්තීන ඉස්ලාම් ජිහාඩ් සංවිධානය (Palestinian Islamic Jihad: PIJ) විසින් පසුගිය දින ඊශ්‍රායල ආරක්ෂක අංශ (Israeli Defence Forces: IDF) විසින් එල්ල කළ රොකට් ප්‍රහාර දාමය සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වා තිබේ.

ඒ අනුව, පලස්තීනය තුළ ඉදිරි පැය කිහිපය තුළදී සුවිශේෂී රාජ්‍යතාන්ත්‍රික වර්ධනයන් කිහිපයක්ම දැක ගත හැකි වනු බවට එම සංවිධානය විසින් ප්‍රකාශ කර තිබේ.

වයිනෙට් පුවත් සේවය වාර්තා කර තිබූ අන්දමට ඊශ්‍රායලය විසින් ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරයට ප්‍රතිචාර වශයෙන් ප්‍රති රොකට් ප්‍රහාර 300 කට අධික සංඛ්‍යාවක් ඊශ්‍රායලය වෙත එල්ල කළ බවත්, එමඟින් එරට අග්‍රාමාත්‍ය බෙන්ජමින් නේතන්යාහු ගේ මිත්‍යා විශ්වාස බිඳ දැමූ බවටත් පලස්තීන ඉස්ලාම් ජිහාඩ් සංවිධානය විසින් ප්‍රකාශ කර තිබේ.

ඊශ්‍රායලය සිදුකළ ප්‍රහාර දාමය සාපරාධී ක්‍රියාවක් බවටත් එකී ත්‍රස්ත සංවිධානය වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ. එම ප්‍රහාර වලින් පලස්තීන ඉස්ලාම් ජිහාඩ් සංවිධානයේ අණදෙන නිලධාරියකු වන බහා අබු අල්-අටා නැමැත්තා ජීවිතක්ෂයට පත්ව තිබේ.

පලස්තීනයේ ඉස්ලාමීය ජිහාඩ්වාදී ව්‍යාපාරය 1981 දී පිහිටුවන ලද ත්‍රස්තවාදී සංවිධානයකි. එහි අරමුණ ඊශ්‍රායල් රාජ්‍යය විනාශ කිරීම සහ ස්වෛරී ඉස්ලාමීය පලස්තීන රාජ්‍යයක් පිහිටුවීමයි. එක්සත් ජනපදය, යුරෝපා සංගමය, එක්සත් රාජධානිය, ජපානය, කැනඩාව, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය සහ ඊශ්‍රායලය ආදී රාජ්‍යයන් විසින් මෙකී සංවිධානය ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස නම් කර තිබේ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි