×

Pixel 7 සහ Pixel 7 Pro එළිදැක්වේ

එනම් 2021 වසරේ ඔක්තෝබර් මස නිකුත් කළ Google Pixel 6 සහ 6 Pro දුරකථන ජනප්‍රියත්වයට පත් වුයේ එහි පවතින විශේෂිත වූ, එයටම ආවේණික පෙනුම මෙන්ම එයට අන්තර්ගත කර තිබූ Features නිසාවෙනි.


ලෝව පුරා පවතින දුරකථන සමාගම් අතර තාක්ෂණික දියුණුවත් සමග දැඩි තරඟකාරී වාතාවරණයක් නිර්මාණය කර ඇත්තේ තම පාරිභෝගිකයා වෙත අලුත් අත්දැකීමක් ලබාදිය හැකි දුරකථනයක් සැපයීම සඳහායි. මෙලෙස පවතින තරඟකාරී වෙළඳපොල තුළට පැමිණි තරගකාරී මාදිලියක් ලෙස Google Pixel මාදිලි පෙල හදුන්වා දිය හැකියි.

පසුගිය වසරේ, එනම් 2021 වසරේ ඔක්තෝබර් මස නිකුත් කළ Google Pixel 6 සහ 6 Pro දුරකථන ජනප්‍රියත්වයට පත් වුයේ එහි පවතින විශේෂිත වූ, එයටම ආවේණික පෙනුම මෙන්ම එයට අන්තර්ගත කර තිබූ Features නිසාවෙනි.

එම මාදිලි පෙළ නිකුත් කර වසරක් සපිරීමට මත්තෙන් පසුගිය 6 වන දින Google සමාගම විසින් සිය Pixel මාදිලි පෙලෙහි ඊලඟ දැවැන්තයා වන Google Pixel 7 සහ 7 Pro දුරකථන දෙක වෙළෙඳපොළට නිකුත් කිරීම සිදු කරනු ලැබීය.

මෙම නවතම මාදිලි පෙල සැලකීමේදී සිනිදු, කල්පවතින මෙන්ම නවීන නිමාවකින් යුතු වන අතර දුරකථන දෙකෙහිම පවතින්නේ ඇලුමිනියම් ආවරණයක් වන අතර එය 100% ප්‍රතිචක්‍රීකරණයට ලක් කළ හැකි අමුද්‍රව්‍ය වලින් නිම කිර තිබිම විශේෂත්වයකි. ඉතා කුඩා ඉඩ පරාසයක වැඩි විශේෂාංග ප්‍රමාණයක් අන්තර්ගත කර ඇති අතරම පෙර පැවති Pixel 6 මාදිලි වලට වඩා වැඩිදියුණු බව සඳහන් කළ යුතුයි.

Pixel 7 දුරකථනයෙහි අඟල් 6.3 ක තිරයක් ද Pixel 7 Pro සඳහා අඟල් 6.7 ක තිරයක් ද අන්තර්ගත වන අතර Corning Gorilla Glass Victus ආරක්ෂාව සමග නිකුත් වේ. මෙහි පසුපස ආවරණය පිළිබඳව සැලකීමේ දී එහි පවතින Zirconia-Blasted Aluminum මගින් පරිශීලකයාගේ දෑත් සඳහා වඩාත් සුවපසු අත්දැකීමක් ලබාදෙනු ඇත. එලෙසම මෙම මාදිලි දෙක සඳහාම Snow, Obsidian සහ Lemongrass යන වර්ණ වලින් මිලදී ගැනීමට හැකිවන බව දක්වා තිබෙනවා.

ඉතාමත් හොඳ විශේෂාංග වැඩි ප්‍රමාණයක් ලබා දෙන Google Pixel 7 සහ 7 Pro මාදිලි මෙම මස 13 වන දින සිට වෙළඳපොල වෙත නිකුත් කරන බවට නිවේදනය කර තිබෙන අතර මේ දුරකථනවල ආසන්නතම මිල ගණන් ලෙස Pixel 7 ඩොලර් 599 ($ 599) සහ Pixel 7 Pro ඩොලර් 899 ($ 899) ක් ලෙස දැක්විය හැකි​යි.

SOURCE: THE VERGE



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි