×

මගීන් 107 ක් සමග පකිස්තාන් ගුවන් යානයක් කඩා වැටේ !

අනතුර ඇසින් දුටු පුද්ගලයන් එම දර්ශන පටිගත කර සමාජ ජාලා මාධ්‍ය වෙත මුදාහැර ඇති අතර එම දර්ශනවලට අනුව ගුවන් යානය සම්පූර්ණ විනාශයට පත්ව තිබේ.


පකිස්තානයේ ලාහෝර් නගරයේ සිට කරච්චි බලා පියාසර කරමින් තිබූ A320 වර්ගයේ එයාර් බස් ගුවන් යානයක් අනතුරට ලක්ව තිබෙනවා. එම ගුවන් යානය කරච්චි ගුවන් තොටුපල ආසන්නයේදී කඩා වැටී ගි‍නිගෙන ඇති බවයි එරට මාධ්‍ය වාර්තා කරන්නේ.

මෙම යානය අනතුරට ලක්වන විට මගීන් 99 දෙනෙකු එහි ගමන් කර ඇති අතර ගුවන් යානයේ කාර්ය මණ්ඩලය පුද්ගලයන් 08 දෙනෙකුගෙන් සමන්විත බවයි පකිස්තානු ගුවන් සේවා අධිකාරිය පවසන්නේ.

කරච්චි නුවර ජනාකීර්ණ ප්‍රදේශයකට ගුවන් යානය කඩා වැටී ගිනිගෙන ඇති අතර මේ හේතුවෙන් නිවාස කිහිපයකට ද හානි සිදුව තිබෙනවා.

අනතුර ඇසින් දුටු පුද්ගලයන් එම දර්ශන පටිගත කර සමාජ ජාලා මාධ්‍ය වෙත මුදාහැර ඇති අතර එම දර්ශනවලට අනුව ගුවන් යානය සම්පූර්ණ විනාශයට පත්ව තිබේ.

මෙම අනතුර හේතුවෙන් මියගිය පුද්ගලයන් ප්‍රමාණය කෙතෙක්ද යන්න තවමත් ගණනය කර නොමැත.

 



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි