ලෝකයේ නොකිලිටි කලාපයක් ලෙස හැදින් වූ ආක්ටික් කලාපයට වැටෙන හිම සමග ප්ලාස්ටික් අංශු පතිත වී ඇති බව පසු ගියදා සිදු කෙරුණ පර්යේෂණයක් මගින් සොයා ගන්නා ලදී.
මෙම පර්යේෂණය සිදු කළ විද්‍යාඥයින් පවසන්නේ අක්ටික් හී හිම දිය ලීටර් එකක් තුළ ප්ලාස්ටික් අංශූ 10000ට වැඩි ප්‍රමාණයක් අඩංගු බවයි.
මිනිසුන් විසින් ආග්‍රහණය කරනු ලබන වාතයේ ප්ලාස්ටික් අංශු ඇති බව මෙමගින් අනාවරණය වන්නේය.
දේශගුණික විපර්යාසය ට හේතු වන මිනිස් ක්‍රියාකාරකම් වල දුරුවිපාක වලට මෙය අගනා උදාහරණයකි.
මෙම පර්යේෂණය සිදු කළ ස්වීඩන් ජාතික පර්යේෂණ කණ්ඩායම මේ පිළිබදව වාර්ථාව journal Science Advances හී පල කරන ලදී.
එම වාර්ථාවට අනුව ප්ලාස්ටික් අංශු පමණක් නොව රබර් සහ ෆයිබර් අංශුද හිම සම මිශ්‍ර වී පවතී,
මෙම පර්යේෂණය සදහා විද්‍යාඥයින් පිරිස ආක්ටික් කලාපයේ ප්‍රදේශ කිහිපයකින් හිම එක් රැස් කර ඇත ඒ සදහා ඉතා සරළ ක්‍රමයක් යොදා ගන්නා ලදී .එනම් අතුරු පස හැක්දක් සහ බෝතලයක් යොදා ගනිමිනි.
පර්යේෂකයන් පවසන්නේ ඔවුන් සිතුවාට වඩා වැඩි ප්‍රමාණයක් ප්ලාස්ටික් අංශු හිම මත අඩංගු වූ බවයි. සාමන්‍යයෙන් හිම මත අඩංගු වී තිබිය හැකි බාහිර කොටස් විය හැක්කේ ශාක කොටස් අදී ස්වභාවික දෑ මෙන්ම සත්ත්ව මළ ආදියයි. නමුත් මේ වන විට සිදුව ඇත්තේ ඒවා ප්ලාස්ටික්, රබර් , වාර්නිෂ්, සිංතටික ෆයිබර් ආදිය වැඩි වශයෙන් හිම තුළ අඩංගු වීමයි.
පර්යේෂණය මෙහෙය වූ ප්‍රධාන පර්යේෂක ආචාර්ය මෙලනි බර්ග්මන් පවසන්නේ මෙම ප්ලාස්ටික් අංශ මිලිමීටර් 5ට වඩ අඩු ප්‍රමාණයේ ඒවා බවයි.
ඇය පවසන්නේ ඒවා මිනිසට කෙතරම් අහිතකරදැයි සිතනවාට වඩා අප පරිසරය සුරකින්නේ මෙලෙසදැයි සිතීමට අවශ්‍යව ඇති බවයි.
මීට පෙර පර්යේෂකයින් පිරිස් විසින් චීනය, ඩොන්ගුආන්,ඉරානයේ ටෙහෙරාන් , පැරිස් ආදී ප්‍රදේශ වල වායුගෝලයේ මෙවැනි ප්ලාස්ටික් අංශු ඇති බව අනාවරණය කෙරිණ. නමුත් ආක්ටික් කලාපය තුළ එවැනි දෙයක් බලාපොරෝත්තු විය හැකිවීමේ සම්භාවිතාව ඇත්තේ ඉතා අඩු වශයෙනි. නමුත් මේ වන විට එය සිදු වී හමාරය.
මෙතෙක් කල් අප දැන සිටියේ ප්ලාස්ටික් අංශු විසින් සාගරය, පස, වෙරළ, ආක්‍රමණය කර ඇති බව පමණි. නමුත් මේ අනුව වැටහෙන්නේ ඒවා විසින් හිම ද ආක්‍රමණය කර ඇති බවයි. මිනිසා විසින් පරිසරයට සිදු කර ඇති විපතට මීටත් වඩා උදාහරණ නැත.