×

ඉන්දීය අගමැතිගේ කට කැඩිච්ච කථාව

කළ ප්‍රකාශයට සමාව ගන්නැයි වෛද්‍යවරුන් පවසයි


ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ගේ ප්‍රකාශයක් සම්බන්ධව මේ වන විට ඉන්දීය සමාජ මාධ්‍ය තුළ වැඩි වශයෙන් කථා බහ වන්නට පටන් ගෙන ඇති අතර ඔහුට එරෙහිව විවේචනද මාධ්‍ය පුරා පලවෙමින් තිබේ.

ඩිස්ලෙක්සියා Dyslexia රෝගයෙන් පෙළෙන දරුවන් පිළිබදව ඔහු සිදු කරන ලද විහිළුවක් මෙසේ ඔහුව විවේචනය වන්නට හේතු වී ඇත‍

දරුවන් සහ කාන්තාවන් සම්බන්ධව පවතින් ඇතැම් ගැටළු විසදීම සදහා නව තාක්ෂණය යොදා ගැනීම සම්බන්දව පැවති සජීවී වීඩියෝ සාකච්ඡාවකදී දරුවෙකු විසින් කරන ලද යෝජනාවක් විහිළුවට ගැනීම ඔහු විසින් සිදු කර ඇත.

නව තාක්ෂණය ඔස්සේ වචන හදුනා ගැනීම සම්බන්ධ රෝගයක් වන Dyslexia රෝගයෙන් පෙළන දරුවන්ටද උදවු වන පරිදි වැඩ සටහන් සකස් කළ හැකි බව දැරියක විසින් යෝජනා කරනමින් පවසන්නේ “We have an idea to help dyslexic children, whose pace of learning and writing is very slow. But they have a high intelligence and creativity level as you have seen in the movie Taare Zameen Par…”
ඇය ඩිස්ලෙක්සියා රෝගය පිළිබදව උදාහරණයක්ද දෙමින් පවසන්නේ තාරේ සමීන් පර් චිත්‍රපටයේ මෙවැනි දරුවන් පිළිබදව කථා කර ඇති බවයි.

එයට පිළිතුරු ලෙස අගමැති නරේන්ද්‍ර මෝඩි විසින් ඇගෙන් අසන්නේ
මෙම වැඩසටහන වයස අවුරුදු 40 50 කුඩා දරුවන්ටත් උදවු වනු ඇතිදැයි කියාය.

එම අවස්ථාවේදී සහභාගී වූ සියල්ලන් සිනාසුන අතර දැරියගේ පැනයට පිළිතුරු නොදෙමින් දිගින් දිගටම ඔහු අදාල ප්‍රකාශය සම්බන්ධව හාස්‍ය ඉස්මතු වන සේ සිය අදහස් පවසනු ලබයි.

ඔහුගේ මෙම හැසිරීම රාහුල් ගාන්ධි සෝනියා ගාන්ධිද ඇතුළු දේශ පාලන ක්ෂේත්‍රයේ සිටින්නන් මෙන්ම වෛද්‍ය සංගම් සහ ව්‍යෛ වරුන් ඇතුළු විවිධ අශ විසින් විවේචනයට ලක් කරමින් සිටී. එරට විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගම් විසින් පෙන්වා දෙන්නේ ඔහු සිය ප්‍රකාශයට සමාව ඉල්ලා සිටිය යුතු බවයි.

පැබිලෝ පිකාසෝ , ඇල්බට් අයින්ස්ටයින් පමණක් නොව ස්ටීවන් ස්පිල්බර්ග් , අභිෂේක් බච්චන් ආදී සුප්‍රසිද්ධ චරිත රැසක් මෙම ඩිස්ලෙක්සියා රෝගයෙන් පෙලුන පුද්ගලයන් වේ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි