×

කොරෝනා වැළඳුණු සුපිරි ගායිකා P!nkට දැන් සුවයි!

කොරෝනා-වැළඳුණු-සුපිරි-ගා


සුපිරි ගායන තාරකාවක් වන P!nk හටත් කොරෝනා වෛරසය වැළදී මේ වන විට අය සුවය ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

“සති දෙකකට පෙර මගේ තුන් හැවිරිදි පුතා ජේම්සන් සහ මම COVID-19 රෝග ලක්ෂණ පෙන්නුම් කරමින් සිටියෙමු. වාසනාවකට මෙන්, අපගේ වෛද්‍යවරයාට පරීක්ෂණ සඳහා ප්‍රවේශය තිබූ අතර අපට රෝගය වැළදී ඇති බව තහවුරු විය.”ඇය සිකුරාදා රාත්‍රියේ ට්විටර් සහ ඉන්ස්ටග්‍රෑම් හී සටහන් කර තිබුණාය. රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම ඇරඹූ දින සිටම ඔවුන් දෙදෙනා හුදෙකලාව නවාතැනක සිටි බවද ඇය සඳහන් කළාය.

https://twitter.com/Pink/status/1246251485987364864?ref_src=twsrc%5Etfw%7Ctwcamp%5Etweetembed%7Ctwterm%5E1246251485987364864&ref_url=https%3A%2F%2Fwww.cnn.com%2F2020%2F04%2F03%2Fcelebrities%2Fpink-coronavirus-donation%2Findex.html

කොරෝනා වෛරස් පරීක්ණය පිළිබද අදහස් දක්වමින් ඇය කියා සිටියේ “අපගේ දරුවන්, අපගේ පවුල්, අපගේ මිතුරන් සහ අපගේ ප්‍රජාවන් ආරක්ෂා කිරීම සඳහා පරීක්ෂණ වඩාත් අවශ්‍ය බැවින් ඒවා පහසුවෙන් සිදු කර ගත හැකි අන්දමින් පැවතිය යුතු” බවයි.

https://twitter.com/Pink/status/1246251412117262342?ref_src=twsrc%5Etfw%7Ctwcamp%5Etweetembed%7Ctwterm%5E1246251412117262342&ref_url=https%3A%2F%2Fwww.cnn.com%2F2020%2F04%2F03%2Fcelebrities%2Fpink-coronavirus-donation%2Findex.html

ටෙම්පල් විශ්ව විද්‍යාල රෝහල් හදිසි අරමුදලට සහ ලොස් ඇන්ජලීස් නගරාධිපතිගේ හදිසි කෝවිඩ් -19 අර්බුද අරමුදලට පිළිවෙලින් ඩොලර් මිලියනයක් හා ඩොලර් 500,000 බැගින් පරිත්‍යාග කරන බව ඇය පැවසුවාය.

“අපගේ ආදරණීයයන් ආරක්ෂා කිරීම සඳහා වෙහෙස මහන්සි වී වැඩ කරන අපගේ සෞඛ්‍ය සේවා වෘත්තිකයින්ට සහ ලෝකයේ සියලු දෙනාටම ස්තූතියි” ඇය සඳහන් කළාය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි