×

සුනුවිසුණු කිරීමේ උමතුව හොංකොං නගරයේ දරුවන්ටත් බෝවෙයි!

අත්අඩංගුවට ගත් පිරිස අතර පාසල් වියේ දරුවන් දෙදෙනෙක්?


ඊයේ (11) දින සනද්‍යාවේ හොංකොං නගරයේ කොව්ලූන් ප්‍රදේශයේ සිදුවූ ගිනි තැබීම් හා වාහන සුනුවිසුණු කිරීමේ පුවතක් මත පොලිසිය තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මේ අන්දමට පොදු ප්‍රවාහන බස්රථ වලට හානි පැමිණවීමේ චෝදනා මත පහලොස් හැවිරිදි තරුණියක හා දහසය හා විසි නව හැවිරිදි තරුණයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. සිදුවීමට සම්බන්ධ සිව්වන පුද්ගලයකු පලා ගොස් තිබේ.

කලහකාරී පිරිස ප්‍රහාරයට ලක්වූ බස්රථ වල හදිසි සීනු නාද කොට නවත්වා මිටි භාවිතා කරමින් වීදුරු කුඩු කරමින් විනාශ කර දමන අන්දම දක්නට ලැබී තිබිණි.

මීට අමතරව හොංකොං නගරයේ චෙවුං ෂා වන් ප්‍රදේශයේ පිහිටා තිබූ ජපාන අපානශාලාවක් වෙත පෙට්‍රෝල් බෝම්බ හෙලමින් කලහකාරී ලෙස හැසිරුණු පිරිසක් පිළිබඳව ද වාර්තා වන අතර පහර කෑමෙන් කිසිවකුත් තුවාල ලබා නැති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

තවද, සය මසකට අධික හොංකොංහි ප්‍රජාතන්ත්‍රවාදී අරගල මත ප්‍රචණ්ඩකාරී ගැටුම් දියත් වූ මොක් කොක් වීදියේ පිරිසක් විසින් ගිනිගොඩක් ගසා තිබූ අන්දමද වාර්තා වී තිබිණි.

අත්අඩංගුවට ගත් පිරිස හොංකොං නගරයේ ප්‍රජාතන්ත්‍රවාදී අරගලයට සම්බන්ධද යන්න පිළිබඳ තොරතුරක් තවමත් වාර්තා වී නොමැත.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි