×

හිටපු පකිස්තාන අගමැති උසාවියට ​​යද්දී පොලිසිය ගේ වටලයි

මේ සම්බන්ධයෙන් සිය කනස්සල්ල ප්‍රකාශ කරමින් ඉම්රාන් ඛාන් ප්‍රකාශ කර තිබුණේ තමා අත්අඩංගුවට ගැනීමට බලධාරීන් සැලසුම් කරමින් සිටින බවත්, මෙම වසර අගදී තමා මැතිවරණයට ඉදිරිපත් වීම වැළැක්වීමට ගනු ලබන ක්‍රියාමාර්ගයන් බවත්ය.


ඉස්ලාමාද් අධිකරණයේ පෙනී සිටීම සඳහා අගනුවරට යමින් සිටින පාකිස්තානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන්ගේ ලාහෝර් නිවස පන්ජාබ් පළාතේ අගනුවර පොලිසිය විසින් වටලා ඇති බව වාර්තා වේ.

ඉම්රාන් ඛාන් අධිචෝදනා ගොනු කිරීමට නියමිත රාජ්‍ය තෑගි නඩුවකට අදාළව අද(18)දිනයේදී අධිකරණය විසින් කැඳවනු ලැබීය. පකිස්තාන ටෙහ්රීක්-ඊ-ඉන්සාෆ් (පීටීඅයි) පක්ෂයේ ප්‍රධානී ඛාන්ගේ නිවස වැටලීම හෙළා දකින අතර ඔහුගේ බිරිඳ බුෂ්රා බෙගම් නිවසේ තනිව සිටියදී එය සිදු කළ බවට රජයට චෝදනා කර තිබේ.
හිටපු අගමැතිවරයාට එරෙහිව වරෙන්තු පසුගිය (13) වන දින අධිකරණය විසින් නිකුත් කළ අතර එය භාර දීමට ඔහුගේ නිවසට යාමේදී ඔහුගේ ආධාරකරුවන් හා පොලීසිය අතර ගැටුම් ඇති විය. පකිස්තාන ටෙහ්රීක්-ඊ-ඉන්සාෆ් (පීටීඅයි) පක්ෂ නියෝජිතයන් පොලීසියට එරෙහිව ගල් මුල් ප්‍රහාර එල්ල කළ අතර පොලීසිය එහිදී කඳුළු ගෑස් හා ජල ප්‍රහාර එල්ල කරනු ලැබීය. මෙම ගැටුම සමතයකට නොඒම හේතුවෙන් ඛාන් අත්අඩංගුවට ගැනීම අද(18)දක්වා කල් දමන ලෙස අධිකරණය විසින් නියෝග කරනු ලැබීය.

2018 සිට 2022 දක්වා ඔහු අගමැතිව සිටි කාලයේ ලැබුණු තෑගි හෝ ඒවා විකිණීමෙන් ලැබූ ලාභය ප්‍රකාශ නොකළ බවට ඔහුට තිබෙන චෝදනාවන් හා සිය මැතිවරණ රැළියකදී විනිසුරුවරියක් විවේචනය කිරීම ආදී නඩු දෙකක් වෙනුවෙන් හිටපු පාකිස්ථාන අගමැතිවරයාට එරෙහිව මෙලෙස වරෙන්තු නිකුත්කර තිබිණ.

මේ සම්බන්ධයෙන් සිය කනස්සල්ල ප්‍රකාශ කරමින් ඉම්රාන් ඛාන් ප්‍රකාශ කර තිබුණේ තමා අත්අඩංගුවට ගැනීමට බලධාරීන් සැලසුම් කරමින් සිටින බවත්, මෙම වසර අගදී තමා මැතිවරණයට ඉදිරිපත් වීම වැළැක්වීමට ගනු ලබන ක්‍රියාමාර්ගයන් බවත්ය.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි