×

මැතිවරණයට දින දෙකක් තිබියදී බංග්ලාදේශය අන්තර්ජාලය තහනම් කරයි.

බංග්ලාදේශ දුරකථන නියාමන කොමිසම විසින් නිකුත් කරන ලද විධානයකට අනුය දුරකථන සමාගම් හතරකට සිය සේවා දායකයන් වෙත ලබා දෙන 3G සහ 4G පහසුකම් නවතා දමන්නට සිදු විය.


එළැඹෙන ඉරිදා දින පැවැත්වීමට නියමිත බංග්ලාදේශ මැතිවරණයට මේ වන විටත් කටයුතු සූධානම් වෙමින් පවතී. ලෝකයේ ඉතා සීඝ්‍රයෙන් වර්ධනය වන ආර්ථිකයක් බවට බංග්ලාදේශය පත් කළ නමුත් මානව හිමිකම් උල්ලංඝනය කළ අවස්ථා රැසක් සඳහා ජාත්‍යන්තර චෝදනා වලට ලක් වූ අගමැති ෂේයික් හසීනාගේ රජයට හතරවන වතාවටක් බලය හිමිවනු ඇතිද යන්න මෙවර මැතිවරණයේදී තීරණය කරනු ඇත.

මෙවර මැතිවරණයෙහි තරඟකාරීත්වයත් සමග එරට ජනතාව සඳහා සියළු අන්තර්ජාල පහසුකම් තහනම් කරන්නට බංග්ලාදේශ රජය තීරණය කළේය.
එරට ප්‍රධානපෙළේ දුරකථන සමාගම් වෙත රජය විසින් ඊයේ දැනුම් දී තිබුණේ 3G සහ 4G පහසුකම් ලබා දීම නවතා දමන ලෙසයි.

බංග්ලාදේශ දුරකථන නියාමන කොමිසම විසින් නිකුත් කරන ලද විධානයකට අනුය දුරකථන සමාගම් හතරකට සිය සේවා දායකයන් වෙත ලබා දෙන 3G සහ 4G පහසුකම් නවතා දමන්නට සිදු විය.
මැතිවරණයට දින දෙකක් පැවතියදී පැය 10ක් සඳහා නවතා තිබූ අන්තර්ජාල සේවාවන් යළි අද උදෑසන 7.30ට පමණ නැවත ලබා දෙන්නට කටයුතු කෙරිණි. නමුත් ඒ 2G පහසුකම පමණි. ඒ දුරකථන නියාමන කොමිසම විසින් බලධාරියෙකුගේ නමක් සඳහන් නොකර දුරකථන ආයතන වෙත එවන ලද ඊ මේල් පණිවිඩයතට අනුවය.
බංගලාදේශය බිහිකිරීමෙහි ප්‍රධානියා වූ ෂෙයික් මුජිබර් රහුමාන් ගේ දියණිය
71 හැවිරිදි අගමැති ෂෙයික් හසීනා සමග මෙවර මැතිවරණය සඳහා තරඟ කරන්නේ 73 හැවිරිදි කලිඩා ෂියා ය. ඇය බංග්ලාදේශය පාලනය කළ  හමුදා ඒකාධිපති නායකයෙකු වූ ෂියා උ රහ්මන් ගේ බිරිඳයි.
බංග්ලාදේශයේ අන්තර් ජාලය භාවිතා කරන්නන් සංඛ්‍යාව කොටි 6කි.

පහසුකම් පැය ගණනාවකට නවතා තබන්නට බංග්ලාදේශ රජය කටයුතු කරන ලදී



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි