×

ඉරානයේ අවි තහනම පිළිබඳ පොම්පියෝ ගෙන් ප්‍රකාශයක්

2015 වර්ෂයේදී ටෙහෙරානයේ දී ලෝක බලවතුන් සමඟ එළඹි න්‍යෂ්ටික ගිවිසුම යටතේ ඉරානයට පැනවූ ආයුධ සම්බාධක එළඹෙන ඔක්තෝබර් මස කල් ඉකුත් වීමට නියමිතය.


එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ විසින් අද දින එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය අමතා එක්සත් ජාතීන් විසින් ඉරානයට පැනවූ අවි තහනම කල් ඉකුත් වීම පිළිබඳ අදහස් දක්වන ලදී.

ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයකට අනුව, මෙම අවි තහනම දීර්ඝ කරන ලෙස ඇමරිකා එක්සත් ජනපදය එක්සත් ජාතීන්ගෙන් ඉල්ලා සිටියි.

2015 වර්ෂයේදී ටෙහෙරානයේ දී ලෝක බලවතුන් සමඟ එළඹි න්‍යෂ්ටික ගිවිසුම යටතේ ඉරානයට පැනවූ ආයුධ සම්බාධක එළඹෙන ඔක්තෝබර් මස කල් ඉකුත් වීමට නියමිතය.

මෙම සම්බාධකය දින නියමයක් නොමැතිව කල්දමන ලෙස ඇමරිකාව එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය වෙත බල කර සිටියි.

සාමාජිකයන් 15 දෙනෙකු ගෙන් යුත් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය මේ පිළිබඳ සලකා බැලීමට නියමිතය.

මීට අමරතව, රුසියාව සහ චීනය මෙම සම්බාධකය පැනවීමට විරෝධතාවක් හඟවා තිබෙන බවට ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි