×

සිරියානු ආක්‍රමණ වැළැක්වීමට මයික් ඩබල තුර්කියේ!

තුර්කිය, ඊශ්‍රායලය හා නෙටෝ සංවිධානය සමඟ සාකච්ඡා පැවැත්වීමට ඇමරිකානු රාජ්‍ය තාන්ත්‍රිකයන් පැමිණීමට සූදානම්..


ඇමරිකා එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ උප ජනාධිපති මයික් පෙන්ස් ද සමඟ තුර්කිය වෙත පිටත්ව යාමට නියමිත බවට එරට රාජ්‍ය දෙපාර්තමේන්තුව පසුගිය බදාදා (16) දින නිවේදනය කර තිබේ.

එම දෙපළ ගේ තුර්කි සංචාරය අද (17) දින යෙදීමට නියමිත අතර, ඉන් අනතුරුව පොම්පියෝ මහතා ජෙරුසලම හා බෘසෙල්ස් හි සංචාරයක නිරත වීමට සූදානම් බවද එම නිවේදනයේ දැක්වේ. 

ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ, රාජ්‍ය ලේකම් පොම්පියෝ එළඹෙන සිකුරාදා (18) දින ජෙරුසලමේදී ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නේතන්යාහු හමුවීමට නියමිත බවත්, එතැන් පසු බෘසෙල්ස් හිදී නේටෝ සංවිධානයේ මහ ලේකම් ජෙන්ස් ස්ටෝල්ටෙන්බර්ග් සමඟ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බවත් ය.

අද දින යෙදීමට නියමිත තුර්කි සංචාරයේදී මයික් පොම්පියෝ හා මයික් පෙන්ස් එරට අගනගරය වන අන්කාරා වෙත පැමිණීමට නියමිත අතර, එහිදී තුර්කි ජනපති තායිප් අර්දොගන් හමුවී සිරියාවට එල්ල කිරීමට නියමිත ප්‍රහාර වළක්වාලීමට බලකර සිටීමට සූදානම් බවද විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියි.

කෙසේවෙතත්, සිරියාව මැදිවී සිටින සිවිල් යුධ වාතාවරණය තුළ මීට දින කිහිපයකට පෙර ඇමරිකාවට සදා සහය පළකල කුර්දි ප්‍රජාවද අසරණභාවයට පත්කරමින් සිරියාවේ සිටි ඇමරිකානු හමුදා බලඇණි ඉවත් කර ගැනීමට නියෝග ලබා දුන්නේ ද අන්කවරකු නොව ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් මය!



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි