×

පාප්තුමා වතිකානුවේදී සෝපානයක හිරවෙලා.. ගිනිනිවන භටයින් බේරගෙන

සිදුවූ ප්‍රමාදය පිළිබඳ මා ඔබෙන් සමාව අයැද සිටිනවා..


ෆ්‍රැන්සිස් පාප්තුමා ශාත්ත පීතර චතුරශ්‍රයේ ඉරු (01) දින දේව මෙහෙයට පැමිණීමට ප්‍රමාද වීම පිළිබඳ කිතුණු බැතිමතුන් කතා බහේ යෙදෙන්නට ඇත.

පමා වී පැමිණි පාප්තුමා රැස්ව සිටි කිතුණු බැතිමතුන්ගෙන් සමාව අයදිමින් පවසා සිටියේ තමා වතිකානුවේදී විදුලි සෝපානයක් ක්‍රියා විරහිත වීම නිසා මිනිත්තු 25 ක පමණ කාලයක් ඒ තුළ සිරවී සිටි බවය.

තමා ඉන් බේරා ගැනීමට වතිකානු ගිනිනිවන භටයින් ගේ සහය ලැබුණු බව පැවසූ පාප්තුමා නැවතත් රැස්ව සිටි බැතිමතුන් ගෙන් සමාව අයැද සිටියේය.

දේව මෙහෙය පමා වීමට මිනිත්තු 10 ක පමණ කාලයක් ගතවී ඇත.

පසුව සුපුරුදු සිනාමුසු මුහුණින් උන්වහන්සේ රැස්ව සිටි කිතුණු බැතිමතුන් අමතමින් තම දිවි ගලවා ගත් ගිනිනිවන භටයින් හට ද උත්තමාචාර පුද කිරීමට අමතක නොකළේය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි