×

පෘතුගාලය යුරෝපීය සංගමයේ අවම වැටුප් ප්‍රවණතා ඇති රටවල් අතරට එක්වෙයි!

2019 වර්ෂයේ පෘතුගාලයේ අවම වැටුප් ප්‍රවණතාව 3.5% තරම් කුඩා ප්‍රතිශතයකි.


යුරෝපීය සංගමයට අයත් රටවල් අතර 2019 වර්ෂයේ අවම වැටුප් ප්‍රවණතා දක්වන රටවල් අතරට පෘතුගාලය ඇතුලත් වී ඇති බවට වාර්තා වේ.

මේ අනුව පෘතුගාලයේ මෙම වර්ෂයේ අවම වැටුප් ප්‍රවණතාව 3.5% තරම් කුඩා ප්‍රතිශතයකි.

යුරෝපීය සංගමයේ රටවල් අතර අවම වැටුප් වල ඉහලම වැටුප් ප්‍රවණතාව පෙන්වන්නේ ස්පාඤ්ඤයයි. එය ප්‍රතිශතයක් වශයෙන් 20% කි.

සීඊඑස්අයි (Eurofound Social Intervention Study Centre: CESI) නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, යුරෝපීය සංගමයට අයත් කාර්ය සාධනය අතින් සාමාන්‍ය යැයි වර්ගීකරණය කළ රටවල් ලැයිස්තුව අතර පෘතුගාලය පහළම සිටින බවයි. මීට හේතුව ලෙස සඳහන් කෙරෙන්නේ එරට පුද්ගලයින්ගේ අවම වැටුප් ඉහලයාමේ ප්‍රවණතාව ඉතා අවම ප්‍රතිශතයක පැවතීමයි.

මෙම තත්ත්වය 2010 – 2019 අතර කාලය තුළ කාර්ය සාධනය සැලකිල්ලට ගැනීමෙන් ගණනය කර ඇත.  

2019 වර්ෂයේදී, පෘතුගාලය, මාල්ටා, ස්පාඤ්ඤය, ග්‍රීසිය හා සොල්වේනියාව ආදී රටවල් වල අවම වැටුප යුරෝ 700 සිට යුරෝ 1050 දක්වා වර්ධනය කර ගෙන ඇත.

යුරෝෆන්ඩ් හා සීඊඑස්අයි පවසා සිටියේ ග්‍රීසිය හා ස්පාඤ්ඤය වැටුප් ප්‍රවණතා අතින් 2019 වර්ෂයේදී ඉතා පැහැදිලි වර්ධනයක් පෙන්නුම් කර ඇති බවත්, එය 22% හා 11% වැනි වූ ප්‍රතිශතයක් බවත් ය. නමුත් පෘතුගාලය පෙන්වා තිබෙන්නේ 3.5% තරම් වූ අවම ප්‍රතිශතයකි.

පසුගිය ජනවාරි මස වන විට පෘතුගාලයේ ජාතික අවම මාසික වැටුප් ප්‍රමාණය යුරෝ 600 දක්වා වර්ධනය වී තිබූ අතර, යුරෝපානු සංගමය පවසා සිටියේ මාස 12ක් තුළ ගෙවීම් 14 කට යටත් ව (නත්තල් හා අනෙකුත් නිවාඩු දීමනා ද සහිතව) එය යුරෝ 700 ක වැටුපක් විය යුතුව තිබුණු බවය.  

පෘතුගාලයේ අවම මාසික වැටුප පැයකට ගණනය කළ විට යුරෝ 3.94ක් බවද, එම ප්‍රමාණය ග්‍රීසියේ යුරෝ 4.27ක් ද, ස්පාඤ්ඤයේ යුරෝ 6.09ක් බවද සඳහන් වේ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි